
ඇය මේ බව කියා සිටියේ නිළියක හා නර්තන ශිල්පිනියක වන අක්ෂා සුදාරිත් ඇගේ මවත් තවත් නිළියක හා නර්තන ශිල්පිනියක වන මේනකා මධුවන්තිත් එක්ව නිරූපිකාවක වන හංසි පෙරේරාට පහරදුන් බවට පැතිර යන රාවය සම්බන්දයෙන් අප කළ විමසීමකදීය.
මෙය අදහාගත නොහැකි කතාවක් බවද නිලූ අප සමග කියා සිටියේය.
අප අදාල කරුණ සම්බන්ධයෙන් මේනකා මධුවන්තිගෙන්ද විමසීමක් කළ අතර ඇය සදහන් කළේ තමා එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් නොදන්නා බවයි.
එසේම මෙය කවුරුන් හෝ ජනප්‍රියවීමට ගොතන ලද්දක් බවද කී ඇය, අක්ෂා සිය මිතුරියක් බවත් පිළිගත්තාය.
එසේම මෙය කවුරුන් හෝ ජනප්‍රියවීමට ගොතන ලද්දක් බවද කී ඇය, අක්ෂා සිය මිතුරියක් බවත් පිළිගත්තාය.
සිද්ධියට මුහුණදුන් බව කියන හංසි පෙරේරාගෙන්ද අප සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කඵ අතර ඇය කියා සිටියේ අක්ෂ ඇගේ මව හා මේනකා තමන්ට පහරදුන් බවයි.
එය සිදුවූයේ නිලූගේ රූපලාවන්‍යාගාරයේ බවත් මේ සම්බන්දයෙන්
මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද ඇය කීවාය.
කෙසේවුවද මාධ්‍ය වාර්තාවල සදහන් වූයේ මෙම පිරිසගේ පහරදීම සිදුව තිබුනේ නිලූ විසින් හංසි සරසමින් සිටියදී බවයි.
ඇයට අමානුෂික ලෙස පහරදුන් බවත්, අක්ෂා විසින් ඇගේ අතක් සපා කා ඇති බවත්, දුරකතනයද පෙළොවේ ගැසූ ඇය උල් සපත්තුවකින්ද තඩි බෑ බවයි.
මේ අතර, අක්ෂා ගැසූ කම්මුල්පහරවල් නිසා හංසිට ශ්‍රවනාබාධ තත්ත්වයක් ඇතිව ඇති බවද එහි දක්වා තිබිනි.
No comments:
Post a Comment