
මේ යුව දරුවා අලෙවිකර ඇත්තේ ඇපල් අයි ජංගම දුරකථනයක් (iPhone) හා මිල අධික පාවහන් යුවලක් මිලදී ගැනීමට බවද පැවසේ.
මෙම ගණුදෙනුව සිදුවූ නියම මිලක් එම වාර්තාවල නොදැක්වෙන බවත් එය යුවාන් 30,000ත් 50,000ත් අතර විය හැකි බවද වාර්තා වේ.
මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ තෙන්ග් හා සන්ග් යන යුවළකි.
මේ යුවළ රැකියා විරහිත අය බවද පැවසෙන අතර, අන්තර් ජාලය හරහා ඔවුන් සිය දරුවා විකිණීමට උත්සාහ කර ඇති බවද පැවසේ.
පසුගිය ජුනි මාසයේදී අන්තර් ජාලයේ වෙළෙදාම (Online Shopping) කළ හැකි වෙබ් අඩවියක් ඔස්සේ සිය දරුවා අලෙවි කරන බව දන්වා තෙන්ග් හා සෙන්ග් දැන්වීමක් පළකර ඇත.
ඒ වන විට සෙන්ග් ගැබ්බරව සිට ඇති අතර සිය නූපන් දරුවා
උපන් විගස ඩොලර් 8,400ක මුදලකට අලෙවි කරන්නට බලාපොරොත්තු වෙන බව ඔවුන්ගේ දැන්වීමේ සඳහන් ව තිබී ඇත.
ඔවුන්ගේ දැන්වීමට පිළිතුරු ලැබුණු අතර, දරුවා ඉපදුණු පසු මුදල් සමඟ දරුවා හුවමාරු කරන්නට ඔවුන්ට හැකි වී තිබේ.
එහෙත් ඔවුන්ගේ කි‍්‍රයාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
"ඔවුන් දෙදෙනා අලූත උපන් ගෑණු ළමයව විකුණලා ලොකු මුදලක් ලබා ගත්තා" යනුවෙන් පැමිණිලිකරු පවසා ඇත.
තෙන්ග් හා ෂෙන්ග් පැමිණිල්ලට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ඔවුන් දරුවා විකිණීමට කටයුතු කළේ ඇගේම සුබ සිද්ධිය වෙනුවෙන් බවයි.
එහෙත් පැමිණිලිකරු ඔවුන්ගේ ප‍්‍රකාශය පිළිගන්නට සූදානම් නොවූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
පැමිණිලිකරු පවසන්නේ මෙය ඔවුන් දෙදෙනාගේ ”අප‍්‍රසන්න කුමන්ත‍්‍රණයක්” බවයි.
ඔවුන්ගේ බැංකු වාර්තා පිරික්සා බලා දරුවා විකිණීමෙන් කෙතරම් ලාභයක් ලබා ගත්තේදැයි සොයා බැලිය යුතු යැයි ඔහු පවසා ඇතැයි ද සඳහන් වෙයි.
No comments:
Post a Comment