hirunewsහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ රහසිගත සම්බන්ධකම් පවත්වන ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බව 'මව්බිම' පුවත්පත අනාවරණය කරයි.
අදාළ ඇමැතිවරුන් හිටපු ජනාධිපතිවරිය සමඟ පැවැත් වූ සාකච්ඡාවලට අදාළ තොරතුරු පටිගත කරන ලද දුරකතන සංවාද ඇතුළු සාක්ෂි රැසක් මෙලෙස ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, එම සාක්ෂි මේ දිනවල විධිමත් පිළිවෙළකට සකස් කෙරෙමින් පවතින බවත් 'මව්බිම' වැඩිදුරටත් අනාවරණය කර සිටියි.
ඒ සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති - ඇමැතිවරුන්ට අදාළව විශේෂ විනය නීති මාලාවක් ක්‍රියාත්මක කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇත.
වයඹ සහ මධ්‍යම පළාත් සභාවල සභාපතිධුරය සම්බන්ධයෙන්
පහළ මන්ත්‍රිවරුන්ට අදාළව ගනු ලබන විනය පියවර ඇමැතිවරුන්ට අදාළවද ක්‍රියාත්මත කළ යුතු බව මේ මන්ත්‍රිවරුන් විසින් දිගින් දිගටම අවධාරණය කර තිබේ. මේ තත්ත්වය නිසා ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කර ඇත්තේ ඇමැතිවරුන්ගේ රහසිගත ගනුදෙනු පිළිබඳ බුද්ධි අංශ මඟින් ලබාගත් තොරතුරු ප්‍රසිද්ධ කිරීමටය.
No comments:
Post a Comment