HIRU TV

Saturday, July 27, 2013

Child tortured by mother's lover dies

Child tortured by mother's lover dies


girl bagawanthalawa 410px 1hirunewsපහරදීම් හා පිළිස්සීම් හේතුවෙන් මහනුවර මහ‍ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු එක හමාරක් වයසැති දැරිය මියගොස් ඇතැයි රෝහල් ආරංචි  මාර්ග කියයි.
බගවන්තලාව ප්‍රදේශයේ තරුණ මවකගේ අනියම් පුරුෂයා විසින් මෙම පිළිස්සීම් සිදු කර තිබිණ.
මවගේ අනියම් සැමියා විසින් පසුගිය 17 වැනිදා සවස සිය දියණියට පහරදී අත් පා පුළුස්සා තිබූ අතර දරුවා බගවන්තලාව රෝහලට ඇතුළත් කර අනතුරුව මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.දින 10ට ආසන්න කාලයක් දරුවා රෝහලත්ගතව සිට ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 දක්වා රිමාන්ඩ් කර ඇත.
හොර සැමියාගේ ලිංගික ක්‍රියාකාරකම් වලට දරුවා බාධාවක් වී ඇති බැවින් මෙබඳු අපරාධයක් කර ඇති බව හෙළිදරවි තිබේ. සැකකරුගේ පහරදීමකින් දරුවාගේ දතක්ද ගැලවී තිබු  බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබිණ.
දරුවාගේ පියා මව හැරගොස් තිබෙන අතර අනියම් සැමියා මේ දරුවාට නිතර පහර දෙන බව මව පොලිසියට පවසා ඇත. වයස මාස 6ක බිළිඳෙකු ද තමන්ට සිටින බවත් එම දරුවාට අනියම් සැමියා දැඩි ආදරයක් දක්වන බවත් ඇය පවසා තිබේ.942159 585852378133516 733049645 n

No comments:

Post a Comment