
දුර බැහැර ප‍්‍රදේශවල සිට ගෙනා මෙම සතුන් ඝාතනය කරන තෙක් ඉතා හිංසාකාරී ලෙස ගාල්කර තිබී ඇත.
ග‍්‍රෑන්ඞ්පාස් වැල්ලම්පිිටිය පාරේ රහසිගත ස්ථානයක මෙම සත්ව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයන් තිදෙනෙක් විසිනි.
සත්ව ගොවිපලක් පවත්වාගෙන යන මුවාවෙන් දීර්ඝ කාලයක සිට මොවුන් මෙම සත්ව ඝාතකාඝාරය පවත්වාගෙන ගොස් ඇත.
ඒ අනුව, සත්ව ගොවිපළක් මුවාවෙන් ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාම, සත්ව හිංසා ඇතිවන පරිදි සතුන් ගාල් කර තැබීම හා මරණයට කැපවූ සතුන් නිදහස් කිරීමට අලෙවි කිරීමේදී අධික මුදලක් ලබා ගැනීම යන චෝදනා සම්බන්ධයෙන් ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේදී මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
No comments:
Post a Comment