HIRU TV

Saturday, July 27, 2013

I will not handover the CM post to anyone -Dayasiri

I will not handover the CM post to anyone -Dayasiri

dayasiri 410px 27-07-13hirunewsතමා වයඹ මහ ඇමතිකමට පත්වී වසර කිහිපයකින් වෙනත් අයකුට එම තනතුර දෙන බවට පොරොන්දු වී ඇතැයි පැතිර යන  රාවයේ කිසිඳු පදනමක් නොමැති බවත්, තමා ආණ්ඩුවට එක්වුයේ කොටා ක්‍රමයට මහ ඇමතිකම් දැරීමට නොවන බවත් එජාපයේ ආණ්ඩුවට එක්වූ දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඉදිරි වසර 5ටම තමා වයඹ මහ ඇමති බව ඔහු අවධාරණය කර සිටියි.


ඔහු මේබව සඳහන් කලේ,  කුරුණෑගල දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්නගේ වාරියපොල නිවසේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රීක් නියෝජිත හමුවට එක්වෙමිනි.

තමන් කොටි 25ක මුදල් ලබාගෙන රජයට එක්වූ බවට ප‍්‍රකාශ කරන පුද්ගලයින්ට හා පුවත්පත්වලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව ද  දයාසිරි ජයසේකර මහතා එහිදී ප‍්‍රකාශ කළේය .


මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන අමාත්‍යවරුන් වන ජයරත්න හේරත් සහ සාලින්ද දිසානායක මෙන්ම, නෙරංජන් වික‍්‍රමසිංහ සහ තාරානාත් බස්නායක යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ද එක්ව සිටියේය
එහෙත් මෙම රැස්වීමට  වයඹ පළාත් සභාවේ හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතාට හා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ආරාධනා කර නොතිබීම විශේෂත්වයකි.
මෙහිදී සභාව ඇමතු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස් බී නාවින්න මහතා,  දයාසිරි ජයසේකර මහතා වයඹ ප‍්‍රධාන අමාත්‍ය පදවිය කරා ගෙනයාමට සියලූදෙනාම මේ වන විට සූදානමින් සිටින බව පැවසිය. වයඹ පළාත සංවර්ධනය කිරීම සඳහා යහපත් නායකත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා මෙවර තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment