HIRU TV

Saturday, July 27, 2013

Reason for SL losing to SA revealed

Reason for SL losing to SA revealed

thisara P 410px 27-07-13hirunewsශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (26) පැවැති එක්දින තරගය පරාජයවීමට හේතුවක් හෙළිවී ඇතැයි  'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
එම තරගය ශ්‍රී ලංකාව පරාජයවීමට හේතුවී ඇත්තේ එම ක්‍රීඩාංගනයේ විදුලි ආලෝක ධාරා මධ්‍ය යේ පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ පුහුණු නොවීම බව පැවසේ.
එහි විදුලි ආලෝක ධාරා මධ්‍ය යේ පන්දුවට පහරදීමට පුහුණුවන ලෙස තේරීම් කමිටු ප්‍රධානියා ඇතුළු ක්‍රිකට් ප්‍රවීනයෝ කිහිපදෙනෙකුගෙන් උපදෙස් ලැබී තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කලමණාකරු ඇතුළු ක්‍රීඩකයන් එය ප්‍රතික්ෂේප කර තිබූ බව වාර්තා වේ.
කෙසේවුවද තරග පරාජයෙන් පසුව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා පිලේ කලමනාකරු ඇතුළු ක්‍රීඩකයන්ට ඒ සම්බන්ධයෙන් සෑහෙන දොස් පවරා ඇති බවද පැවසේ.
මේ අනුව අද (27) දිනයේදී රාත්‍රියේ විදුලි ආලෝක ධාරා මධ්‍ය යේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා පිල පුහුණු සැසියකට සහභාගි වීමට නියමිත බවද පැවසේ.
මේ අතර, ඊයේ තරගයේදී නායක ඇන්ජලෝ මැතිවුස්ගේ ක්‍රීඩා විලාසය සම්බන්දයෙන්ද ක්‍රීඩා විචාරකයන්ගේ චෝදනා එල්ලවී තිබේ.
ඔහු ඊයේ තරගයේදී දැවී ගියේ අනවශ්‍ය පහරක් එල්ල කිරීමට යාමෙන් බවට ඔවුහු චෝදනා කරති.
එසේම දකුණු අප්‍රිකාව තරග පහෙන්ම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සතුව තිබූ අවස්ථාවද මග හැර ගැනීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලව ඇත්තේ ඇන්ජලෝ මැතිවුස්ටය.
දකුණු අප්‍රිකාව පරාජයට පත කළ පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුත්‍ර කලේ දිනේෂ් චන්දිමාල්ය.

No comments:

Post a Comment