hirunewsතමන් ආණ්ඩුවට එක් වුණේ කෝටි 25ක සන්තෝෂම් මුදලකට යටවී යයි එජාප නායකයකන් විසින් එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතිෂේප කරන බව පවසන දයාසිරි ජයසේකර මහතා, එවැනි මුදලක් ගත් බව පුළුවන් නම් ඔප්පුකර පෙන්වන්නයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාට අභියෝග කර සිටියි.
හෙට්ටිපොල නගරයේ (ඊයේ 26) පැවති ජන හමුවක් අමතමින් එසේ පැවසු දයාසිරි මහතා, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
'' දැන් කියන්නේ දයාසිරි ජයසේකර කෝටි 25ක් අරන්ලූ ගියේ. ඒක සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්‍ෂය පහුගිය කාලෙ මන්ත‍්‍රීවරු යනකොට ගහපු බයිලාව තමයි ඔය ගහන්නෙ. සල්ලිවලට යටවෙන මිනිහෙක් නෙමයි දයාසිරි ජයසේකර. ඒ නිසා ඒ කට කැඩිච්ච කතාව කියපු හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රී තුමාට කියන්න කැමතියි මට ලැජ්ජයි ඔබතුමා ඒ වගේ තුන්වෙනි පන්තියෙ දේශපාලනයට වැටිච්ච එක ගැන. පොලී කාරයෙකුගෙ පුතෙකුට සල්ල වටිනව වුණාට මට සල්ලි වටින්නෙ නෑ.
තව කතා කරන්න ආවොත් ඒ ඉතිහාස කතා සියල්ල මගෙන් අහගන්න වෙනව. මේ නායකතුමාගෙ කුණු කොන්ත‍්‍රාත් ඉෂ්ට කරන්න යාමේ ප‍්‍රතිඵල. ඒක අවබෝධ කරගන්න බැරිව ඔය නායකයගේ කුණු කොන්ත‍්‍රාත් කරනව නම් ඒ ගොල්ලොත් වැටෙන්නෙ ඔය නායකය වැටුණු කුණු ගොඩටමයි කියල මං කියන්න කැමතියි''
No comments:
Post a Comment