HIRU TV

Saturday, September 28, 2013

Surgeons save Afghan baby with extra head

ඔළු දෙකේ බබා බේරෙයි

Surgeons save Afghan baby with extra head

 
Gul 410px 13 09 28hirunewsහිස් දෙකක් සහිතව ඉපදුනු දැරියක ශල්‍යකර්මයකට භාජනය කර ඇගේ දිවිගලවා ගැනීමට ඇෆ්ගනිස්තානයේ ශල්‍ය වෛද්‍යවරුන් සමත්වී ඇතැයි වාර්තා වේ.
නිවුන් දැරියක් ලෙස උපන් අස්රී ගුල් නැමැති බිළිඳිය ඉපදෙන විට ඇගේ හිස්කබලට තවත් හිසක් බද්ධ වී තිබුණි.
මෙය, මවුකුසේදී නිසි ලෙස වර්ධනය නොවූ තවත් කළලයක කොටසක් යැයි වෛද්‍යවරුන් සැකකරයි.
මේ වන විට මාස දෙකක් වයසැති මෙම බිළිඳියව ශල්‍යකර්මයට ලක්කිරීමෙන් පසුව පසුගිය සතියේදී රෝහලෙන් යළි සිය නිවසට ගෙන යාමට ඇගේ මාපියන් ට හැකිවිය.
තිස්වසරක් පුරාවට යුද වාතාවරණයකින් හා දසවසරක් පුරාවට
තලේබාන් සන්නද්ධ පිරිස් හේතුවෙන් බැට කන ඇෆ්ගනිස්ථානයේ දියුණු සෞඛ්‍ය සේවා විරල වන අතර, ඉහත ශල්‍යකර්මය එරට සිදුකළ අසීරුතම ශල්‍යකර්මයක් බව විදෙස් වාර්තා වල දැක්වේ.
(ඡායාරූප : ඩේලිමේල්)

No comments:

Post a Comment