HIRU TV

Friday, September 27, 2013

What President stated is enough - TNA

ජනපති දෙනවා කිවා දේවල් දුන්නම ඇති - T.N.A

What President stated is enough - TNA

 
MASumanthiran 410px 13 09 27hirunewsඋතුරු පළාත් සභාව සඳහා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇති බලය බෙදීම පමණක් තම පක්ෂය අපේක්ෂා කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්දිරන් ප‍්‍රකාශ කරයි.
ඊයේ (26) රාත‍්‍රියේදී විකාශය වූ හිරු ටී.වී 'බලය' සංවාදාත්මක දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇතිදේට වඩා අඟලක් හෝ ඉදිරියට යාමට තම පක්ෂය සූදානම් නොමැති බවයි.
13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා සඳහා ලබාදී
ඇති බලතල ලබාදෙන බවට ජනාධිපතිවරයා ජාත්‍යන්තරය හමුවේ ප‍්‍රකාශ කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, බලය බෙදීම අර්ථවත්ව සිදුකරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇති බව, එම්.ඒ. සුමන්දිරන් මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා කියා සිටියේ ය.

No comments:

Post a Comment