hirunewsගිරයක් නොමැතිව ඇඟිලි දෙකකින් දෙහි කැපීම, කපන දෙහිවලින් රුධිරය වෑස්සවීම, උතුරන තෙල් තාච්චියට අත දැමීම, පිටි අත්ලෙන් මිනී ඔළුවක් මතු කිරීම, කායික බලයකින් තොරව සුරයක් චලනය කරවීම සහ යමකු පොල් ගෙඩියක් මත හිඳුවා කරකැවීම ආදී 'අද්භූත' ක්‍රියා වශයෙන් සැලකෙන ක්‍රියාකාරකම් යථාර්ථවාදී ලෙසින් ඒ අයුරින්ම ඉදිරිපත් කිරීමේ විශේෂ අවස්ථාවක් අද (27) ප.ව 4.00 ට කොළඹ 08 කොටාරෝඩ් හි ආචාර්ය එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙයි.
මෙම ඉදිරිපත් කිරීම කරනු ලබන්නේ නව පරපුරේ නිළි, මෝස්තර නිරූපිකා නදී දර්ශනී විසිනි. විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් සහ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ යන මහත්වරුන්
මේ පිළිබඳ කෙටි දෙසුම් පවත්වති.
මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයකුට මේ අවස්ථාව සඳහා නොමිලයේ සහභාගී විය හැක. මෙය ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ඉදිරිපත් කිරීමකි.
No comments:
Post a Comment