HIRU TV

Sunday, October 6, 2013

22 Ranil's loyalists remanded

රනිල්ට සහය දැක්වූ විසිදෙකක් රිමාන්ඩ්

22 Ranil's loyalists remanded

 
Arresed 2 410pxhirunewsමාතර නගරයේ එක්සත් ජාතික  පාක්‍ෂිකයින් දෙපිරිසක් අතර ඊයේ (05) ඇති වු ගැටුම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන සිටි 22 දෙනෙකු හෙට (07) දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (06) නියෝග කළේය.

අදාල පිරිසට ඇප ලබාදෙන ලෙස විත්තිකාර පාර්ශවයේ නීතීඥයන් විසින් ඉල්ලා සිටියද පොලිසියේ දැඩි විරෝධය හේතුවෙන් එම විත්තිකරුවන් හෙට (07) හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත පමුණවන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කරන ලෙස බල කරමින්, කොළඹ බලා ගමන් ආරම්භ කළ 'ශිරාල් -මෛත්‍රී පා ගමන' ට පහරදුන් බවට චෝදනා කරමින් මේ පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිනි.
මේ පිරිස අතර, දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, මාතර මහනගර
සභාවේ විපක්ෂනායක  උපුල් නිශාන්ත, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර නාගරික මන්ත්‍රීන් වන නලීන් අබේගුණවර්ධන, නුස්කි ඉබ්බාල්, මාතර කාන්තා සංවිධානයේ ප්‍රධානි චින්තිකා ලාලනී, මංගල සමරවීර මහතගේ පෞද්ගලික ලේකම් සමීර මනහර මෙන්ම මන්ත්‍රීවරයාගේ  නිවසේ සේවය කරන  කිහිප දෙනෙකු ද වෙති.

No comments:

Post a Comment