HIRU TV

Sunday, October 6, 2013

Shalani - Roshan at the movies

ශලනි - රොෂාන් ෆිල්ම් හෝල් එකක !

Shalani - Roshan at the movies

 
ShalaniRoshan 410px 06 10 13hirunewsසිරස කුමරිය ලෙස අභිෂේක වෙමින් වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාර දෙරණ ජනප්‍රියම නළුවා වූ රොෂාන් රණවන සමග සිනමා ශාලාවකට යාමේ පුවතක් වාර්තා වේ.
මොවුන් දෙදෙනා මෙසේ චිත්‍රපටයක් නරඹන්නට ගොස් ඇත්තේ පසුගිය මැයි මාසයේදීය.
ශලනිට හා රොෂාන්ට එක්ව චිත්‍රපටියක් නරඹන්නට අවස්ථාව හිමිකර දී ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂකයකු වන සුනෙත් මාලිංග ලොකුහේවා බවද පැවසේ.
ඔවුන් දෙදෙනාට එසේ එක්ව චිත්‍රපටයක් නරඹන්නට ලබාදුන් අවස්ථාව කෙටිකර දමා ඇත්තේද සුනෙත් බවද වාර්තා වේ.
ඊට හේතුව සුනෙත් මේ අවස්තාථාව දී ඇත්තේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන "ස්පන්දන" හී රූපගත කිරීමක් සදහාවීම නිසාය.
ඉකුත් පෙබරවාරි මාසයේදී වැඩ අරඹන ලද මේ චිත්‍රපටයේ රූගත කිරීම් මේවන විට අවසන් කර ඇති අතර, එහි හඩ කැවීම් හා අනෙකුත් වැඩද අවසන්ව ඇතැයි පැවසේ
සුනෙත්ගේ තෙවැනි සිනමා පටය වන මෙය ලබන වසරේදී තිරගතවීමට නියමිතය.
සංත්‍රාසය හා ප්‍රේමය මුසු කොට නිර්මිත මේ සිනමා පටයේ
අධ්‍යක්ෂවරයා, පිටපත් රචකයා මෙන්ම විධායක නිෂ්පාදකයාද සුනෙත්මවීම විශේෂ සිද්ධියකි.
මෙහි රූගත කිරීම් බොහොමයක් තලවතුගොඩ, බෝපත් ඇල්ල, බණ්ඩාරවෙල, ඉංගිරිය යන ප්‍රදේශ වලදී සිදුකර ඇති අතර රොෂාන් රණවන, ශලනි තරකා සහ දිල්හානි අශෝකමාලා මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනු ලබයි.
මහේන්ද්‍ර පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, බුවනි චාපා, තිසුරි යුවනිකා, නිමන්ති පෝරගේ, ගිවන්ත අර්ථසාත් හා නිල්මිණි කෝට්ටෙගොඩ වැනි ප්‍රවීන රංගන ශිල්පීන් ද මීට එක්ව සිටිති.
ධනුෂ්ක ජයවර්ධන සහාය අධ්‍යක්ෂවරයාය වන අතර අජිත් හත්වැල්ලගේ කලා අධ්‍යක්ෂණයෙන් එක්ව සිටී.
මෙහි පසුබිම් සංගීතය සපයා ඇත්තේ උදය ශ්‍රී වික්‍රමසිංහ විසිනි.

No comments:

Post a Comment