HIRU TV

Sunday, October 6, 2013

Matara parade and clash a Govt conspiracy - Mangala

මාතර පෙළපාලිය සහ ගැටුම ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් - මංගල

Matara parade and clash a Govt conspiracy - Mangala

 
matara 3 410px 06-10-13hirunewsසෙනසුරාදා මාතරදී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහි පෙළපාලිය සහ ආධාරකරුවන්ට එල්ල කළ ප්‍රහාරය ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බව එජාපය පවසයි.
පළාත් සභා මන්ත්‍රීවරුන්, නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී ආධාරකරුවන් විසි හතර දෙනකු මේ වන විට අත් අඩංගුවට ගෙන සඳුදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කොට තිබෙන බවද එජාප මාධ්‍ය අංශයේ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.

මෙය එක්සත් ජාතික පක්ෂයට එරෙහි දඩයමක් බවට මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කරයි.

"අර ගුණරත්න කියන පුද්ගලයා ප්‍රසිද්ධියේම වෙඩි තියපු නිසා නොගෙන බැරි කමට අත් අඩංගුවට ගත්තත්, මැරවරයන්ගේ වීඩියෝ දර්ශන සියල්ලක්ම තිබියදීත්, ඒ කවුරුවත් ගැන පොලිසියස් මේ දක්වා ක්‍රියා කරලා නෑ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

සෙනසුරාදා පෙළපාලියට නායකත්වය දුන් මෛත්‍රී ගුණරත්න
පළාත් සභා මන්ත්‍රීවරයාගේ පියා, හර්මන් ගුණරත්න, ජනාධිපති උපදේශකවරයකු සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීප හිතවතකු බව පවසන සමරවීර මන්ත්‍රීවරයා, ගුණරත්න සහ ශිරාල් ලක්තිලක පළාත් සභා මන්ත්‍රීවරුන්ද පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූවන් බව පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට පක්ෂ නායකත්වය පැවරිය යුතු බවට උද්ඝෝෂකයන් කරන ඉල්ලීම පිළිබඳව විමසූ විට සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියේ, පක්ෂය අභ්‍යන්තරයෙන් තවමත් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නැති බවයි.

"මාතර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පාරට බැස්සේ සාමාන්‍ය පන්තියේ මිනිස්සු. අපේ පක්ෂයේ නායකයා වෙනස් කරන්න ඕනේ නම් ඒ හඬ එන්න ඕනේ අපේ පාක්ෂිකයන්ගෙන් මිසක් ආණ්ඩුවට කඩේ යන අයගෙන් නෙවෙයි," යනුවෙන්ද ඔහු සංදේශයට කියා සිටියේය.
-බිබිසි සංදේශය
matara H

No comments:

Post a Comment