
කන්තලේ සේරුවිල මාර්ගයේ කිලෝ මීටර් 12ක් පමණ ගිය කළ සූරියපුර හමුවේ.
මෑකතදී එලෙස ප්‍රහාරයට ලක්වූ එම ගම්මානයේ නිවැසියෙක් වන සරත් චන්ද්‍රසිරි සිය අත්දැකීම් විස්තර කරමින් මෙලෙස පවසා තිබිනි.
" පළවෙනි වතාවෙ ලොකු මීටරයට ගැහුවා. මීටරේ කඩලා සිකලා. ඊට පස්සෙ ජනේලෙට ගැහුවා. හොඞේදාල තියෙනවා ඇතුලට. නැන්දම්මා ඉස්තොප්පුවෙ කාමරේ නිදියගෙන ඉදල තියෙනවා. නැන්දම්මා ඇහැරිලා ඉදලා. නැන්දම්මා කතාකරල. කෑගහල තියෙනවා මාමට. මයි වයිෆියි ඉස්සරහ කාමරේ ඉදල එළියට පනිනකොට අලියා ආව අපි ඉන්න කාමරයට. අපි ඉන්න කාමරේට ඇවිල්ල අපේ ජනේලෙට ගැහුවා. අපි හූ කිව්වා. ඉස්සරහ ගෙදර ඉන්නවා මස්සිනා අපි වෙඩි එකක් දැම්මා.ඊට පස්සෙ අලිය පැනල දිව්වා"
මේ අතර, වනජීවී නිලධාරීන් නිවෙස්වල එළියේ විදුලි බුබුලක් දල්වා තබන ලෙස වන අලි තර්ජන ඇති ගම්මාන වල වැසියන්ට දන්වා තිබෙන බවද පැවසේ.
කෙසේවුවද මේවන විට වන අලින් විදුලි වැට පැනීමට
ද උපක්‍රමයන් යොදන බැවින් උන් විදුලි වැට මගින් නැවැත්වීමද උගහට බව වනජීවී නිලධාරීහු කියති.
වන අලි මේවන විට සිය රංචුවේ පෙරමුණේ යන අලියා විදුලි වැට උඩට තල්ලු කිරීම, සිය පාදයේ යටිපතුල උපයෝගීකරගනිමින් විදුලි වැට පාගා කඩා බිදදැමීම හා විදුලි වැට මතට අතු පෙරළීම වැනි උපක්‍රමවලින් අලින්ගෙන් ආරක්ෂාවීමට ඇති විදුලි වැටවල් කඩා දමන බවද පැවසේ.
විදුලි බුබුලක් දල්වා තැබුවද සිය මවගේ නිවසට පහරදුන් වල් අලියකු සම්බන්ධයෙන් එම ගම්මානයේ වැසියකු වන සත් සමරසිංහ හෙලිකර තිබිනි.
එම අලි ප්‍රහාරයෙන් නිවසේ බිත්තියක් කඩා වැටී ඇත්තේ සිය මව නිදාගන්නා ඇදමතට බවද ඔහු පවසා ඇත.
වී හා සහල් කෑමට අලින් මෙලෙස ගම්වදින බවද ඔහු හෙලිකර ඇත.
හෙට කුමන නිවසට අලාභ සිදුකරයිද යන්න පිළිබදව නිරන්තර සැකයෙන් සිටින බවද සමරසිංහ පවසා ඇත.
එම ප්‍ර දේශයේ පදිංචිකරුවකු වන එස්.එම්. පොඩිමහත්තයා පවසා සිටින්නේ එම වල් අලියා විසින් මේවන විට එම ගම්මානයේ නිවෙස්වල විදුලි මීටර් තුනක් කඩා අදාල නිවෙස්වලට අලාභ හානි සිදුකර ඇති බවයි.
No comments:
Post a Comment