hirunewsකතරගම දේවාල භුමියට සමීපව ඇති නාගහවීදිය බෙහෙත් වත්ත ප්‍රදේශයේ සැරිසරමින් සිටි විස්සක් පමණ වූ මුව රංචුව මේවන විට අටදෙනෙකු දක්වා පහළවැටී ඇතැයි වාර්තා වේ.
වසර තුනක සිට ජීවත් වු මෙම මුව රංචුවේ අං සහිත ලොකුම මුවා ද පසුගිය දවසක මරා දමා තිබියදී ප්‍රදේශවාසීන්ට හමුවී තිබේ.
දැඩි නියගය හේතුවෙන් ජලය සොයා මැණික් ගගට එන මෙම මුවන් වෙඩි තබා මරාදමන අතර තවත් කොටසක් උගුල් අටවා මරා දමන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටින්නේ දේවාල භුමියට කිලෝ
මීටර් කාලක් පමණ දුරකින් පුංචි වන ලැහැබක සිටින ඉතිරි මුවන්ද මරා දැමීමට පෙර රක්ෂිතයකට පලවා හැරීම නුවනට හුරු බවයි.
No comments:
Post a Comment