HIRU TV

Sunday, October 20, 2013

Foundation stone of Packer's Casino to be laid by Australian PM

පැකර්ගේ කැසිනෝවට මුල්ගල් තැබීම ඕස්ට්‍රේලියානු අගමැති අතින්

Foundation stone of Packer's Casino to be laid by Australian PM

 
James Packer 410px 20-10-13hirunewsඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික, ජේම්ස්‌ පැකර් මහතා (James Packer) විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන තරු පහේ කැසිනෝ සංකීර්ණයක් සඳහා මුල්ගල් තැබීම පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුවට සහභාගිවන ඕස්ට්‍රේලියානු අගමැතිවරයා අතින් සිදුකිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
මෙම කැසිනෝ සංකීර්ණය වෙනුවෙන් ඩොලර් මිලියන හාරසියයක මුදලක් ආයෝජනය කරන බවට ජේම්ස්‌ පැකර් මහතා තහවුරු කර ඇත.

ක්‍රවුන් සමූහය විසින් කොළඹ ගොඩනගන මෙම කැසිනෝ හෝටලය සඳහා බොහෝ ඉන්දියානු හා චීන සංචාරකයින් පැමිණෙනු ඇතැයි හෙතෙම විශ්වාසය පළකර ඇත.

මේ අතර, ජෝන් කීල්ස් සමූහයද කොළඹ ග්ලේනි වීදියේ
මෙවැනිම කැසිනෝ හෝටලයක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටී.

ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අලුතින් ඉදිකරන අදාළ මෙම කැසිනෝ  ව්‍යාපෘති දෙක වෙනුවෙන් ආයෝජකයන් දිරිගැන්වීමට ලබා දෙන බදු සහනවලට අදාළ පනත් පමණක් බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය.

No comments:

Post a Comment