HIRU TV

Friday, September 6, 2013

Mega racket in Baththaramulla Luxury vehicle company

බත්තරමුල්ල සුපිරි වාහන සැලේ මහා පරිමාණයේ ජාවාරමක් !

Mega racket in Baththaramulla Luxury vehicle company

 
BMWShowroom 410px 13 09 06hirunewsබත්තරමුල්ලේ පිහිටි සුඛෝපභෝගී මොටර් රථ ගෙන්වන හා ඒවා අලුත් වැඩියා කරනු ලබන ආයතනයක් විසින් සිදුකරන ලද ජාවාරමක තොරතුරු හෙළිවෙමින් තිබෙන බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
මොවුන් මෙසේ කලක පටන් සිදුකර ඇති මගඩිය වන්නේ මෝටර් රථයක් අලුත් වැඩියා කිරීමට එම ආයතනයට භාරදුන් විට එය අලුත් වැඩියා කර එම මෝටර් රථයේ රක්ෂණ සමාගමට සැබෑ බිල්පතද, පාරිභෝගිකයාට වැඩි මුදලක් දැමූ ව්‍යාඡ බිල්පතක්ද යොදා විශාල වශයෙන් මුදල් අයකර ගැනීමය.
මෙම ආයතනය විසින් අදාල ජාවාරම කලක පටන් පවත්වාගෙන ගොස් ඇති අතර එම ආයතනයෙන් මෝටර් රථයක් අලුත් වැඩියා කළ පාරිභෝගිකයෙක් විසින් ගොනුකරන දල ලද නඩුවකට අනුව මේ තොරතුරු හෙලිව තිබේ.
ඒ අනුව අදාල සමාගමේ හිමිකරු ඇතුළු එහි ප්‍රධාන පෙලේ සියලුම නිලධාරීන් මෙම වංචාවට සම්බන්ධ බවද පැවසේ.
අදාල නඩුවත් සමග ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති අතර ඒ අනුව මෙම වංචාව තවත් පාරිභෝගිකයන්ට සිදුකර ඇති බවද හෙළිවී තිබේ.
මෙම සමාගම එළඹෙන නොවැම්බර් මාසයේ ශී‍්‍ර ලංකාවේදී
පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ට මෝටර් රථ සපයන ප්‍රධානතම ආයතනයක් බවද පැවසේ.
මේ වංචාවේ සියලු තොරතුරු හා අදාල සමාගමේ නම ඇතුළුව එම සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ තොරතුරු ඇතුලු සියලු ලිපි ලේඛන අප ඉදිරියේදී පළ කරන්නෙමු.

No comments:

Post a Comment