HIRU TV

Wednesday, September 25, 2013

Pakistan earthquake death toll rises to 250

පකිස්තාන් භූමිකම්පාවේ මරණ 250 ඉක්මවයි

Pakistan earthquake death toll rises to 250

 
pakistan earthquake 410px 2

 

hirunewsඊයේ අඟහරුවාදා, නිරිත දිග පකිස්තානයේ සිදු වූ මහා භූමිකම්පාවෙන් මරණයට පත් ජන සංඛ්‍යාව දෙසිය පනහ ඉක්මවා ඇති බව අලුතින් ම ලැබෙන වාර්තා මගින් පැවසෙයි.
බලුකිස්තාන් ප්‍රාන්තයේ ප්‍රත්‍යන්ත කලාපයක සිදු වූ භූමිකම්පාවෙන් මරණයට පත් ජනතාවට අමතරව තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබ සිටිති.

දිවි ගැලවුන ජනතාව සඳහා පානීය ජලය, ඖෂධ සහ වෙනත් සෞඛ්‍යය සැපයුම් අවශ්‍ය කරන බව, පකිස්තානයෙන් ලැබෙන වාර්තා මගින් පැවසේ.

භූමිකම්පාව සිදු වූ කලාපයේ ප්‍රධාන වෛද්‍යවරයෙක් බීබීසියට අදහස් දක්වමින්, අනතුරට පත්ව සිටින ජනතාවට ප්‍රතිකාර කිරීමේ දුෂ්කර අරගලයක නිරත ව සිටින බවයි කියා සිටියේය.

භූමිකම්පාවට ගොදුරු වූ ගම්මානවල සියළුම
කටුමැටි ගෙවල් පොළවට සමතලා වී තිබේ.
අනතුර සිදු ව තිබෙන්නේ ඈත ප්‍රදේශයක වන හෙයින් බේරා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර තත්වයක පවතින බවත් පකිස්තානයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.
භූමිකම්පාවට ගොදුරු වූ ගම්මානවල සියළුම කටුමැටි ගෙවල් පොළවට සමතලා වී ඇති බව,එම වාර්තාවන්හි දැක්වේ.
පකිස්තාන් භූමිකම්පාව සමඟ අසළ පිහිටි ග්වාඩාර් වෙරළ තීරයේ මීටර් තිහක් පමණ පළල කුඩා දූපතක් සැදී ඇති බවනිරීක්ෂකයන් පවසති.

No comments:

Post a Comment