HIRU TV

Sunday, October 13, 2013

Vijaya's love in 14

විජය කුමාරතුංගගේ 14 ලව්එක

Vijaya's love in 14

 
wijaya K 410px 13-10-13hirunwqsදේශපාලඥයෙකු හා නළුවකු වූ විජය කුමාරණතුංග වයස අවුරුදු 14දී ඇතිකරගත් ආදරය සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරිය වූ කෝවිලගේ රූපා මෙරායා කුමාරතුංග හෙලිකර තිබේ.

විජයට යන්තම් වයස 14 සම්පූර්ණ වෙනවාත් සමග සිය ගමේ (සීදූවේ) සිටි තරුණ තරුණියන් අතර ජනප්‍රිය චරිතයක් වූ විජයට වහ වැටුණු ලස්සන කෙල්ලක් සිටි බව ඇය කියන්නීය.
ඇය විජයට අසීමිත ලෙස ආදරය කළ බවද කියන රූපා විජය එකළ 'සමරැස්' නම් එල්ලේ පිලට ක්‍රීඩා කිරීමේදී එම තරග අත් නොහැර නරඹන්නටද පුරුදුව සිටි බවද හෙළිකර තිබේ.
ඒ සම්බන්ධය වැඩිදුර නොගිය බවත්, ඇය ධනවත් තරුණියක් බවත් රූපා කියන්නීය.
විජයගේ පියා බෙන්ජමින් කුමාරතුංගය. ඔහු සීදූවේ ගම් හතරක් භාරව සිටි පොලිස් විධානේ කෙනෙක් නොඑසේනම් ගම් මුලාදෑනියෙකි.
ඔහුගේ මව ක්ලේරා බියට්‍රිස් පෙරේරාය.
ඇය මැඞේමුල්ලේ උපන් තැනැත්තියකි.
දරුවන් සිවුදෙනෙකුගෙන් යුත් විජගේ පවුලේ වැඩිමලා වූයේ සිඩ්නි වෙලිංටන්ය.
ඔහු කොළඹ නගර සභාවේ ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කළ අයෙකි.
විජගේ වැඩිමහල් සහෝදරිය විවියන් පද්මිණී කුමාරතුංගය.
කෝවිලගේ රූපා මෙරායා කුමාරතුංග එම පවුලේ තෙවැනියා වන අතර විජය පවුලේ බඩපිස්සාය.

No comments:

Post a Comment