HIRU TV

Friday, August 9, 2013

Alto was the cause of Express way car crash?

අධිවේගයේ අනතුරට හේතුව අල්ටෝ රථයද ?

Alto was the cause of Express way car crash?


Print
CrashAltoCar 410px 13 08 09hirunewsඊයේ (08) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ මාරක අනතුරට හේතුව අල්ටෝ මෝටර් රථයේ දෝශයක්ද යන්න පිළිබදව සැකයක් මතුව ඇතැයි වාර්තා වේ.
මෙම රිය අනතුර සිදුව තිබුණේ අදාල මෝටර් රථය පැයට කිලෝ මීටර් 140 ක වේගයෙන් ගමන් කරමින් තිබියදී බව මේවන විට හෙළිවී තිබේ.
සුසුකි අල්ටෝ මෝටර් රථ පැයට කිලෝ මීටර් 120ක පමණ වේග සීමාව ආසන්නයට පැමිණි පසු එහි ඉදිරිපස රෝද යම් පාලනයකින් තොර වන බවක් සුක්කානමට දැනෙන බව මෝටර් රථ කාර්මිකයෝ කියති.
මේ අනතුරට එම කරුණ බල පෑවේද යන්න පිළිබදව මේ වන විට සැකයක් පහලවී තිබේ.
මේ අතර ලෝකයේ වැඩිම අලෙවියක් සහිත ඉන්දීය මෝටර් රථයක් වන සුසුකි අල්ටෝ කේ 10 මෝටර් රථයේ ආරක්ෂව සම්බන්ධයෙන් දකුණු ඇමරිකාවේ සිදු කරන ලද පරීක්ෂණයකදී එහි ආරක්ෂව සම්බන්ධයෙන් සැක මතුව ඇත.
එහිදී අදාල පර්යේෂකයන් එම මෝටර් රථය මිලදී ගැනීමට හැකි මුදලකට නිපවනවා සේම එහි ආරක්ෂව ගැන අවම සීමා පැනවීමට ද ඉදිරියේදී සිදුවන ඇති බවට අනතුරු අගවා තිබුණ බවද පැවසේ.
දක්ෂිණ අධිවේගී මගේ අනතුරෙන් මියගියේ මාතර ප‍්‍රදේශයේ ජනප‍්‍රිය
ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයෙකු වූ 36 හැවිරිදි දුලිප් ගුණසේකර සහ ඔහුගේ නැගණිය වූ 28 හැවිරිදි නදීකා නැමැති තරුණියයි.
සිද්ධිය වන අවස්ථාවේ වාහනයේ දුලිප්ගේ පියාද නැගණියගේ සැමියාද ගොස් තිබෙන අතර ඇල්ටෝ වර්ගයේ වාහනය එළවාගොස් ඇත්තේ රියදුරෙකි.
ඊයේ දහවල් 12.30 ට පමණ මාතර සිට කොළඹ බලා ආ වාහනය වැලිපැන්න 51 කණුව ප‍්‍රදේශයේදී මාර්ගයේ අයිනේ ආරක්ෂක වැටේ වැදී මේ අනතුර සිදුව තිබිනි.
ඒ වන විට එය පැ.කි.මී 140 ක වේගයෙන් ධවනය වෙමින් තිබී ඇති අතර පාරෙන් පිටට පැන යකඩ වැටේ වැදුණ වාහනය පෙරළී ගොස් කුඩුපට්ටම්වී ඇත.
මේ ටියුෂන් ගුරුවරයා අදාල මෝටර් රථය ගෙන තිබුණේ අලුතින්ම වන අතර මෝටර් රථය හුරුවනතුරු එය පදවනු ලබුවේ රියදුරෙකු විසින් බවද පැවසේ.
ඊයේ ඔවුන් කොළඹට පිටත්ව ඇත්තේ පියාගේ රොගී තත්වයක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු චැනල් කිරීමෙන් පසුව ඔහුගෙන් ප්‍රතාකාර ගැනීම සදහා යාමටය.
අනතුරෙන් දුලිප් සහ නැගණිය මියගිය අතර සිද්ධියෙන් දුලිප්ගේ පියාටත් රියදුරුටත් මස්සිනාටත් තුවාල සිදුවූ අතර ඔවුන් දැන් රෝහල් ගත කර සිටිති.
රියදුරු හා පියා කළුතර නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන බව වාර්තා වේ.
මාතර සිට අධික වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය පාලනය කර ගත නොහැකිව අධිවේගී මාර්ගයේ වැටේ හැපී පෙරළී ගොස් ඇති අතර කුඩුපට්ටම්ව ගොස් තිබූ ඉදිරිපස කොටසින් මළ සිරුර එළියට ගෙන ඇත්තේද ඉතා අසීරුවෙන් බව පැවසේ.
සිද්ධියෙන් මිය ගිය දුලිප් මාතර ජනප‍්‍රිය ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයෙකු වන අතරම විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය ධූරයක්ද දැරූ අතර ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙමින් සිටි අයෙකි.
ඔහු එක් දරු පියෙකු බවද වාර්තා වේ.

Crash

No comments:

Post a Comment