
විත්තිකරුට නියම කළ වසර දෙකක සිරදඬුවම වසර 20කට අත්හිටවූ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් මාස 12ක සැහැල්ලු සිරදඬුවමකට යටත් කළේය.
මෙසේ දඬුවම් නියම වූයේ කන්දපොළ වහුම්පුරගේ සෝමසිරි නොහොත් අසංක නම් වූ 35 හැවිරිදි දෙදරු පියෙකුටය.
වසර 2010 මැයි 12 වැනිදා
හොරණගලදී වයස අවුරුදු 16ට අඩු දැරියක් හෝටලයකට ගෙන ගොස් නිරුවත් කර ඇගේ ඡායාරූප ගෙන අලෙවි කිරීම සඳහා ළඟ තබාගන්නා ලදැයි චෝදනා නගා නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව නඩු පවරා තිබුණි.
කෙටි මාර්ගයකින් නඩුව අවසන් කර ගැනීම සඳහා චූදිත වරද පිළිගන්නා බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වසන්ත මල්ලවාරච්චි මහතා අධිකරණය හමුවේ කීය.
අදාල නිරුවත් ඡායාරූප ගැනීමට උපයෝගී කරගත් ජංගම දුරකථනය හා උපකරණ විනාශ කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා කළුතර මහාධිකරණයේ ගබඩා භාර රෙජිස්ට්‍රාර් පී. දයාරත්න මහතාට නියම කළේය.
No comments:
Post a Comment