HIRU TV

Thursday, August 8, 2013

Anchor 1+, Anchor, Diamond and Maliban milk powder out from the market

 

Anchor 1+, Anchor, Diamond and Maliban milk powder out from the market

--- -------- 410--hirunewsකාර්මික තාක්‍ෂණික ආයතනය විසින් පරීක්‍ෂා කර ඩී. සී. ඩී. හෙවත් DICYANDAMIDE තිබෙන බවට වාර්තා නිකුත් කර ඇති කිරිපිටි වහාම වෙළෙඳපොළෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා අදාළ කිරිපිටි සමාගම්වලට දැනුම් දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ මැලිබන් ආයතනයටත්, ෆොන්ටෙරා සමාගමටත්, පී. එම්. මොහොමඩ් අලී සහ සමාගමටත් මෙම දැනුම් දීම කර ඇති බවයි.
 දැනටමත් කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් ඩී. සී. ඩී. ඇතැයි අනාවරණය කර ගන්නා ලද ඇන්කර් 1+, ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, මැලිබන් යොදය සහිත කිරිපිටි, ඩයමන්ඩ් කිරිවල අදාළ කාණ්ඩ අංක සහිත තොග මෙලෙස වෙළෙඳපොළෙන් වහාම ඉවත්කර ගන්නා ලෙස දැනුම් දී ඇත.
 සෙසු කිරිපිටි ඛාණ්ඩවලින්ද සාම්පල ලබාගන්නා අතර, ඒවායේ තවදුරටත් ඩී. සී. ඩී. ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා කාර්මික තාක්‍ෂණික ආයතනය වෙත යොමු කෙරෙන බවත්, ඒවායේ ඩී. සී. ඩී. ඇති බවට තහවුරු වුවහොත් ඒවාද වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය
අමාත්‍යංශය නිකුත් කර ඇති එම නිවේදනයේ දක්වා තිබේ.
 එමෙන්ම නවසීලන්තයෙන් ගෙන්වන සියලුම කිරිපිටිවල සාම්පල වරායේදී ලබාගෙන ඒවායේ ක්ලොස්ටි්‍රඩියම් බොටලිනම් Clostridium Botulinum නමැති බැක්ටීරියාව නොමැති කිරිපිටි තොග පමණක් වරායෙන් මුදා හැරීමට තීරණය කොට ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
 තවද whey protein අධි සාන්ද්‍රණය අඩංගු හා අතිරේක පෝෂණීය ආහාර වෙළෙඳපොළෙන් ඉවත් කෙරෙන බවත්, ඒ අනුව එම සාන්ද්‍රණ අඩංගු නිෂ්පාදන විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටත් whey protein අධි සාන්ද්‍රණය සහිත කිරිපිටි සහ අතිරේක පෝෂණීය ආහාර සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයේ Clostridium Botulinum නමැති බැක්ටීරියාව අන්තර්ගත දැයි සොයා බැලීම සඳහා පරීක්‍ෂණයට යොමු කෙරෙන බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.

No comments:

Post a Comment