
ඒ වෙනුවෙන් වැලිවේරිය නගරය සහ අවට ගම්මානවල සුදු කොඩි ඔසවා තිබූ අතර ක්‍රීඩාපිටිද සුදු කොඩි වලින් සරසා ඇත. වැලිවේරිය අවට පොලිස් ආරක්ෂාව දැඩිකර තිබෙන අතර ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවති.
මේ වනවිට ඔහුගේ නිසල සිරුර නිවසේ තැන්පත් කොට තිබේ. දහඅට වසරක් පුරා තම නිවසට පහනක් වූ දරුවාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර දෙස බලා ගෙන මෑණියන් වූ ලූසියන් මාග්‍රට් පෙරේරා මහත්මිය (54) හා පියා වූ එච්. ඇන්ටනී පෙරේරා මහතා (54) මහත් කම්පිතව සිටී.
ඉකුත් දින කිහිපය මුලුල්ලේ මේ සිසුවාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට සිය ගණන් පිරිස් පැමිණියහ.
ෂමිල සිසුවා උඩුගම්පොළ ශාන්ත පීතර විද්‍යාලයේ අ.පො.ස
. උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ අතර මේ සතියේ ආරම්භ වන උසස් පෙළ විභාගයට පෙනීසිටීමට සූදානමින් සිටියේය. උපකාරක පන්තියකට සහභාගී වී නිවෙස බලා එමින් සිටියදී හමුදා වෙඩි පහරකට ලක්විණ .
මේ නිවසට අද (07) උදෑසන හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැමිණ, ෂමිලගේ ඥාතීන්ට ශෝකය පල කල අවමගුල් වියදම් වෙනුවෙන් මුදලින් පරිත්‍යාගයක්ද කර ඇත.
No comments:
Post a Comment