HIRU TV

Tuesday, August 6, 2013

Army Violence not yet over - RSF

 

Army Violence not yet over - RSF

WoesWeliweriyawater 410 13 08 06hirunewsපාරිසරික උද්ඝෝෂණයක් වාර්තා කිරීමේ යෙදුනු ජනමාධ්‍යවේදීන්ට වැලිවේරියේ දී පහර දීම හෙළා දකින දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ හෙවත් RSF සංවිධානය පවසන්නේ, 'ශ්‍රී ලංකාවේ යුද්ධය හමාර වුවත්, සන්නද්ධ හමුදා විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නිමා වී නැති,' බවයි.
ප්‍රචණ්ඩ ප්‍රහාර වලට ලක්වූ මාධ්‍යවේදීන් ඒ බව පැමිණිලි කළ කල්හි පොලිසිය කිසිදු පියවරක් ගැනීමෙන් වැළකී සිටින අතරේ 'මාරාන්තික අවි ගත් යුද හමුදාව විසින් ප්‍රහාර සංවිධානය කොට දියත් කරනු ලබන,' බව පැරිසියේ සිට නිකුත් කළ නිවේදනයක් මගින් RSF සංවිධානය පවසා ඇත.
මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය,වැ‍ලිවේරිය ප්‍රදේශයේ දී සිදුකල වෙඩි තැබීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට හමුදාවට අවසර ලබානොදිය යුතු බව අවධාරණය කර සිටියි.
පානීය ජලය පිළිබඳ ගැටළුවක් මුල්කරගනිමින් විරෝධතා පැවැත්වූවන් වෙත හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කල අතර එම ප්‍රහාරයේදී තිදෙනෙකු ඝාතනය විය. බොහෝ දෙනෙකු තුවාල ලබන ලදි. ඉන් අනතුරුව ඒ පිළිබඳ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා හමුදාව විසින් පරීක්‍ෂණ කණ්ඩායමක්
පත්කරන ලදි.
නමුත් ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ ආසියානු ෆැසිපික් කලාප අධ්‍යක්‍ෂ Bright treskot එය හෙලාදැක ඇති අතර, තම වැරදි පිළිබඳව හමුදාව විසින්ම පරීක්‍ෂණ පැවැත්වීම පිළිගත නොහැකි බවත් එය වැරදි ක්‍රියාවක් බවටත් ප්‍රකාශ කර ඇත.
මෙම පරීක්‍ෂණය අපක්‍ෂපාතීව පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාව, නීත්‍යානුකූලව මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීමක් දැරිය යුතු රටක් බවත්, මෙවැනි තත්වයකදි හමුදාව සිදුකල වැරදි පිළිබඳව හමුදාව විසින්ම පරීක්ෂණයක් පැවැත්වීම නැවතත් එම ජනතාව වෙත බලය පෙන්වීමකට සමාන බව ඔහු අවධාරණය කර ඇත.
මේ අතර, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
'විවිධ පාර්ශවවල වුවමනා සංතෘප්ත කිරීම' පිණිස මහජනතාව සහ මාධ්‍යවේදීන් ට හිරිහැර කරන ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබීමට කාලය එළඹ ඇති බව ද එහි ලේකම් රංග කලංසූරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබෙන නිවේදනයේ දැක්වේ.

No comments:

Post a Comment