HIRU TV

Sunday, August 11, 2013

Chinese doctor arrested for selling babies

අමුතුම ක්‍රමයකට දරුවන් විකිණු චීන වෛද්‍යවරියක්   

Chinese doctor arrested for selling babies

chaina Baby 410px 11-08-13hirunewsඅළුත උපදින දරුවන් විකිණීමේ  ජාවරමක නිරත වු චීන වෛද්‍යවරියක් අත් අඩංගුවට ගැනෙයි.
චීනයේ සාන්ක්ෂි ප්‍රදේශයේ රෝහලක ප්‍රසූත වෛද්‍යවරියක් වන මෙම වෛද්‍යවරිය අළුත උපදින බිළිදුන් මියගිය බව එම දෙමව්පියන්ට පවසා දරුවන් රහසින් අලවි  කිරීමේ ජාවරමක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වෙයි.
මේ ආකාරයට අලවි කළ නිවුන් දැරියන් දෙදෙනෙක් පසුගියදා බේරා ගැනුන අතර එම දරුවන් මේ වන විට දෙමව්පියන් වෙත භාරදී තිබේ.සැන් සුක්ෂියා නම් වන මෙම වෛද්‍යවරියගේ ජාවාරම පිළිබද  පිළිබද පුවත වාර්තා වු වහාම ඒ හා සමාන සිදුවීම් 55 ක පමණ
පැමිනිලි ලද බව චීන පොලීසිය කියයි.

මෙලෙස සොයාගැණුන නිවුන් දරුවන්  දෙදෙනා මනස වර්ධනය වී නැති බවත් ඔවුන් ජීවත් වුවද අබ්බාගාත තත්වයට පත්වන බවත්  මෙම වෛද්‍යවරිය විසින් දෙමව්පියන් වෙත පවසා තිබේ.සිය දරුවන්ගේ මළ සිරුරු පවා දැකීමට අකමැතිවු මෙම දෙමව්පියන් නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.

පසුගිය ජාලි 17 වනදා උපත ලැබු පිරිමි දරුවකුට මවගෙන් සිපිලීස් වැළදී ඇති බැවින් දරුවා තම භාරයේ තැබිය යුතු බවයි. මෙම ප්‍රකාශය පිළිබද සැක පළ කළ එම කාන්තාව වහාම ගොස් වෛද්‍ය පරීක්ෂාවක්  සිදුකරගෙන ඇති අතර එහිදී හෙළිව ඇත්තේ ඇයට උපදංශය වැලදී නැති බවයි.පසුව මෙම දෙමව්පියන් පොලීසියට ගොස් පැමිණිලි කර ඇති අතර මේ පිඵිබදව සොයා බැලු පොලීසිය ඩොලර් 3000 කට අලවි කර සිටියදී එම දරුවා සොයාගෙන තිබේ.

මෙම පුවත වාර්තා වු වහාම තවත් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඒ අතරින් නිවවුන් ගැහැණු ළමුන් දෙදෙනෙක බේරාගැනීමට පොලීසිය සමත්ව  ඇතැයි වාර්තා වෙයි.

අදාල වෛද්‍යවරිය මේවනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඉදිරියේදී ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment