
අවුරුදු 8 ක් සහ අවුරුදු 6 ක් වයසැති මෙම දැරියන් දෙදෙනා සිය පියා සමග පදිංචිව සිටින්නේ හෝමාගම - පිටිපන ප‍්‍රදේශයේය.
මීට මාසයකට පමණ පෙර මෙම දැරියන් දෙදෙනාගේ මව ඔවුන් අතහැර ගොස් ඇති අතර ඉන් අනතුරුව දරුවන් රැක බලාගෙන ඇත්තේ පියා විසිනි.
දැරියන් දෙදෙනාගේ පියා කොළඹ නයනාරෝග්‍ය ශාලාවේ සේවකයෙකු වේ.
දැරියන් දෙදෙනාට ගමනක් යෑමට සූදානම් වන ලෙස පවසා මොවුන් දෙදෙනා සමග පියා හෝමාගම පොලීසිය ආසන්නයට පැමිණ ඇත්තේ අද පෙරවරු 6 ට පමණයි.
පසුව තමා අසල පිහිටි වෙළඳසැලකට
යන බව පවසා දැරියන් දෙදෙනාට එම ස්ථානයේ සිටින්නැයි පියා විසින් ප‍්‍රකාශ කර ඇත.
පැයකට ආසන්න කාලයක් එම ස්ථානයේ දැරියන් දෙදෙනා රැඳී සිටි නමුත් පියා නැවත පැමිණ නොමැත.
පසුව මෙම දැරියන් දෙදෙනා දුටු හෝමාගම පොලීසියේ නිලධාරීන් මොවුන් ගෙන්වා කරුණු විමසා තිබේ.
එහිදියි මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණ වී ඇති අතර, මේ වනවිට මෙම දැරියන් දෙදෙනා පොලිස් භාරයේ පසුවේ.
No comments:
Post a Comment