
ග‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය ප‍්‍රකාශ කර ඇත්තේ මෙම කාලය තුළදී එම උල්කාපාත වර්ෂාව උපරිම තීව්‍රතාවයෙන් දර්ශනය වන බවයි.
පසුගිය ජූලි මාසයේ සිට ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වුණ මෙම උල්කාපාත වර්ෂාවෙන් අගෝස්තු 10 වනදා වනවිට පැයකට උල්කාපාත 15ක් පමණ ද අගෝස්තු 11,12 සහ 13 යන දිනයන් වන විට පැයකට උල්කාපාත 50 ක් පමණ වශයෙන් ද දර්ශනය වන බවත් අහස හරහා ඇදී යන දීප්තිමත් ආලෝකධාරා වශයෙන් මෙම උල්කාපාත පියවි ඇසට දැකගත හැකි වන බව ද ග‍්‍රහලෝකාගාරය ප‍්‍රකාශ කරයි.
වළාකුළුවලින් තොර පැහැදිළි අහසක් පැවතියහොත් ඉහත දිනයන්හිදී
මධ්‍යම රාත‍්‍රියේ සිට පසුදා පාන්දර වනතෙක් ඊසාන දිග අහස නිරීක්ෂණය කිරීමෙන් මෙය දැක බලා ගත හැකිය.
උල්කා යනු අභ්‍යවකාශයේ පාවෙමින් පවතින කුඩා පාෂාණ කැබලි හෝ ලෝහ කැබලි පෘථිවිය කරා ඇද වැටෙන විට ඒවාට උල්කාපාත යැයි කියනු ලැබේ. සාමාන්‍යයෙන් වසරකට ටොන් 1500 ක පමණ උල්කා වැනි අභ්‍යවකාශ ද්‍රව්‍ය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයට හසුවී පොලොවකරා ඇද වැටේ. මේවායෙන් බොහොමයක් මහ පොළොව මත පතනය නොවී පෘථිවි වායුගෝලය හා ගැටී දැවී අලූ වී විනාශ වී යයි. රාත‍්‍රියට තරු කඩා වැටෙනවා ලෙස අප දකින්නේ මෙසේ පිළිස්සෙමින් වැටෙන උල්කා ය.
මෙම පර්සීඞ් උල්කාපාත වර්ෂාවට හේතුවනුයේ ස්විෆ්ට් ටට්ල් නම් ධූම කේතුවයි. වසර 133 කට වරක් අපේ සූර්යයා වටා ගමන් කරන මෙම ධූම කේතුව තමා යන ගමන් මාර්ගයේ උල්කා කැබලි අතුරමින් යයි.
No comments:
Post a Comment