HIRU TV

Thursday, August 22, 2013

Underwear thief in the hands of Mt. Lav. police

ගල්කිස්ස බුද්ධි අංශය පෑන්ටි හොරා අල්ලයි !

Underwear thief in the hands of Mt. Lav. police

 
PantyThief 410px 13 08 22hirunewsරාත්‍රි කාලයට නිවෙස්වලට ඇතුළු වී නිදා සිටින කාන්තාවන් දෙස බලා සිට ඔවුන්ගේ යට ඇඳුම් සොරකමේ යෙදුණ තරුණයකු ආරක්ෂිත කැමරාවක ආධාරයෙන් අල්ලාගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය ලබන 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළාය.
ගල්කිස්ස පොලිසියේ බුද්ධි තොරතුරු අංශය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිනි.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුනේ රත්මලාන ඥානේන්ද්‍ර පාරේ පදිංචි තරුණයකි.
රත්මලාන ප්‍රදේශයේ නිවෙස්වල එළිමහනේ රෙදි වැලවල්වල වේළීමට දමා ඇති කාන්තාවන්ගේ යට ඇඳුම් කලක සිට අතුරුදන් වන බවට ප්‍රදේශවාසීන් ගෙන් ලද පැමිණිලි අනුව පොලිස් බුද්ධි අංශය විසින්
පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිනි.
ඒ අනුව ඔවුන් විසින් මේ පිළිබඳ ගල්කිස්ස පොලිසියේ බුද්ධි තොරතුරු අංශයට පැමිණිලි කරනු ලැබීමෙන් අනතුරුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මහින්ද පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත විදුලි කාර්මිකයකුගේ නිවෙසක ආරක්ෂිත කැමරාවක් සවිකර තිබේ.
මෙම සැකකරු රාත්‍රි කාලයේ නිවෙස්වලට ගොස් කාන්තා යට ඇඳුම් සොරකම් කරන ආකාරය සහ ඒවා ඔහු විසින් ස්පර්ශ කර සිපගන්නා අයුරු සටහන් වී තිබීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිනි.

No comments:

Post a Comment