HIRU TV

Thursday, August 22, 2013

"Sea serpent" tales resurface

මූදු පත්ලෙන් අමුතු සතෙක්

"Sea serpent" tales resurface

 
Spain 410px 13 08 22hirunewsමූදු පතුලේ වෙසෙන විවිධාකාරයේ අමුතු, බියකරු සතුන් පිළිබඳ කතාන්දර අදටත් ජනප්‍රිය වේ.
මෙවැනි කතාපුවත් වල නව පණක් දුන් පුවතක් පසුගියදා ස්පාඤ්ඤයෙන් වාර්තා විය.
අඩි 13ක් දැගැති සිහින් සතෙකුගේ මළසිරුරක් ස්පාඤ්ඤයේ Luis Siret මුහුදුවෙරළකින් හමුවීමත් සමග මෙම පුවත අන්තර්ජාලය පුරාවට පැතිර ගොස් තිබේ.
එක්තරා කාන්තාවකට මෙම මළසිරුරේ කොටසක් මුහුදුවෙරළෙන් හමුවී ඇති අතර, ඉතිරි කොටස් සොයාගැනීමට ඇයට ප්‍රාදේශීය බලධාරීන්ගේ සහය ලැබී ඇත.
අධික ලෙස දිරාපත් වී තිබූ මෙම සත්ත්වයා වැළලීමට සිදුවූ බැවින් මේ කුමන වර්ගයේ සත්ත්වයෙක් දැයි නිර්නය කිරීමට සිදුවී ඇත්තේ ඡායාරූප වලින් පමණක් බවත් විදෙස් වාර්තා
වල දැක්වේ.
කෙසේ වෙතත්, මෙම සත්ත්වයා ත්‍රෙෂර් මෝරෙක් (Thresher Shark) හෝ යෝධ ඕර්ෆ්ෂ් (Giant Oarfish) වර්ගයට අයත්විය හැකි යැයි මේ වන විට විශේෂඥ මත පල වී තිබේ. 
(ඡායා එන්.බී.සී. පුවත්)

No comments:

Post a Comment