HIRU TV

Thursday, August 22, 2013

Young girl poisons herself over internet nudity

නිරුවත නෙට්එකට දැම්මයි තරුණිය වහ කයි


Young girl poisons herself over internet nudity

suicide girls 410pxhirunewsතම රුව නිරුවත් ඡායාරූපවලට යොදා අන්තර්ජාලයට මුදාහැරීම ගැන සිත් තැවුලට පත් තරුණියක්‌ කනේරු ඇට කෑම නිසා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.
මේ ගැන එම තරුණියගේ පියා විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්න කිරීමෙන් පසු සැකකරුවන් මිද්දෙනිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරි දෙකක්‌ද වටලා පරිගණක උපාංග රැසක්‌ පොලිසිය භාරයට ගෙන ඇත.
එම කච්චේරි මගින් ව්‍යාජ පොලිස්‌ වාර්තා, අධ්‍යාපනික සහතික සහ වෛද්‍ය වාර්තා ඇතුළු විවිධ සහතික නිකුත් කර ඇතැයි හෙළිවිය.

තලාව ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක
තම ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීම සඳහා බාල සොහොයුරා අත මේ සැකකරුවන්ගෙන් එක්‌ අයකුට යවා ඇත. එහිදී එම දුරකථනයේ මෙමරි කාඩ්පත තුළ තිබූ තරුණියගේ පින්තූර සැකකරුගේ පරිගණකයේ තැන්පත් කරගෙන පසුව ඒවා විකෘති කොට විවිධ අවස්‌ථාවල අන්තර්ජාලයට මුදාහැර ඇතැයි හෙළිවිය.
සැකකරුවන් වලස්‌මුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment