HIRU TV

Friday, September 13, 2013

A common candidate from Ven. Sobitha

සෝභිත හිමිගෙන් පොදු අපේක්ෂකයෙක් !

A common candidate from Ven. Sobitha

 
Madulawe sobitha 410px 21-0hirunewsමහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවීමට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දුවී ඇති බැවින්, ඔහු ලවාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ගත හැකි යයි විශ්වාසය පළකර සිටින පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, එසේ නැතහොත් ඊළග ජනාධිපතිවරණයේ දී සියළු බලවේග ඒකරාශී කොට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර මාස හතරක් වැනි කෙටි කාලයකින් 'වැඬේ' අවසන් කර තිබුණ පරණ ක‍්‍රමයට පාර්ලිමේන්තුවට බලය පැවරීමට කටයුතු කරන බව අවධාරණයක් කර සිටිති.
“අපි කවුරුත් අසාධාරණය පිටු දකිමින් සාධාරණත්වය ඉල්ලන පිරිසක්. අපි මේ කරන්නේ ඒ සාධාරණත්වය ඇති කිරීමේ කාර්ය භාරයක්. කවුරුවත් හිතන්න එපා මෙම සාධාරණත්වය ඉල්ලා සිටින අවස්ථාවේ දී බලයේ සිටින පක්ෂයක් බලයෙන් පහ කිරීමටවත් තව පිරිසක් බලයට පත් කිරිමේ වැඩ පිළිවෙලක් කියල හිතන්න එපා “ යයි ද සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ප‍්‍රකාශ කළහ.
උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කළේ පොස්පේට් සුරැකුම් කමිටුවේ සභාපති
උතුරු මැද පළාතේ උප ප‍්‍රධාන සංඝනායක මහාමන්කඩවල පියරතන නාහිමියන්ගේ මෙහෙවීමෙන් ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමු ‘යන තේමාව යටතේ සැප්තැම්බර් 11 වෙනි දින එප්පාවල ශ‍්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ පැවැති ජනතා සම්මන්ත‍්‍රණයක් අමතමිනි.
සියයකට අධික මහා සංඝයා වහන්සේ හා විශාල ජන සහභාගීත්වයකින් එම සම්මන්ත්‍රණය පැවැත්විණ.
එහිදී තවදුරටත් අදහස් දැක් වූ සෝභිත නාහිමියෝ මෙසේද පැවසුහ.
'' දැන් මුළු රටම ප‍්‍රශ්න ගොඩකින් මිරිකෙනවා. එක පැත්තකින් ජීවත් වෙන්න බැහැ අනිත් පැත්තෙන් දවසින් දවස ස්ත‍්‍රී දුෂණ, අපරාධ, හොරකම් මැරකම්වලින් පිරිලා. සියල්ලටමත් වඩා නීතිය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. මේ කරුණු නිසා මුළු රටම අනාථ වී සිටින අවස්ථාවක තමයි අපි සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය ආරම්භ කළේ.
1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් සමග නිර්මාණය වූ විධායක ජනාධිපති ක‍්‍රමය මෙම විනාශයේ මුලයි. මේක එක පුද්ගලයෙකු වටා ඇති රාජධානියක්. මේකේ බරපතලකම ආචාර්ය එන්’එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා යන මහත්වරුන් කීවා. ඒ කියපු අන්දමට දැන් වැඬේ සිද්ධ වෙලා. මේ වන දේවල් දැක්කහම කාට ද නිශ්ශබ්ද ව ඉන්න පුළුවන්. 35 අවුරුද්දක් මෙම පාපකාරී තත්ත්වය බලා සිටියා ඇති.දැන් අපි සියළු දෙනාම නැගී සිටිමු.
දැන් බලන්න නීතියක් හරියට ක‍්‍රියාත්මක වෙනවාද ? මිනිමරුවන් නිදහස් කරන, හොරුන් නිදහස් කරන යුගයක්. පොලිසියෙන් සාධාරණ රාජකාරියක් වෙන්නේ නැහැ. පොලිසිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා මේ තත්ත්වය ඉදිරියට හරීම භයානකයි. එබැවින අපි නිර්මාණය කරන්නේ සාධාරණ සමාජයක් යුක්තිගරුක පාලනක් නීතිගරුක රටක් නිර්මාණය කිරීමේ භාරදුර කාර්යයයි.
17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපනය කළ කොමිසන් සභා සියල්ලක්ම බල රහිත කරලා. තොරතුරු දැන ගැනීමේ අයිතියක් නැහැ. කොටින්ම අපේ සල්ලි මොන ආකාරයකට රටේ වියදම් වෙනවද කියල දැන ගැනීමට රටේ ජනතාවට අයිතියක් තියෙනවා. නමුත් තොරතුරු දැනගැනීමේ ක‍්‍රමවේදයක් නැති නිසා සියල්ල අකර්මන්‍යතාවයට පත් වෙලා .මේවා අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී උරුමයන්. අනික අලූත්ම ලක්ෂණය තමයි අද මන්ත‍්‍රීකම තරම් විකුණන්න පුළුවන් තවත් භාණ්ඩයක් වෙලදපොලේ නැහැ. ඒ තරමට ලන්සුව ඉහලයි කෝටි වලින් තමයි ලන්සුව කෙලවර වෙන්නේ මේ අශිෂ්ඨ ක‍්‍රමයත් නවත්තලා දාන්න ඕන .
එබැවින් මම සියලූම ජනතාවගෙනුත්, මහා සංඝයා වහන්සේලාගෙනුත් ඉල්ලනවා දැන් බලා සිටියා ඇති ! අපි සියළු දෙනාම විධායක ජනාධිපති ක‍්‍රමය කියන හතුරා පරාජය කිරිමට එක් වෙමු !

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය බලය ගන්න ඉස්සර වෙලා විධායක ජනාධිපති ක‍්‍රමය අයින් කරනවා කීවා. වර්තමාන ජනාධිපතිතුමාත් දෙවරක් මැතිවරණ පොරොන්දුවලින්ම මේ ගැන සදහන් කළා . මේ වසංගතය රටට ගෙනා එක්සත් ජාතික පක්ෂයටත් එපා වෙලා.
ඉතින් අපට ලෙහෙසියෙන්ම මේක ජනාධිපතිතුමා ලවා කරවාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළග ජනාධිපතිවරණයේ දී අපි සියළු බලවේග ඒකරාශී කොට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර මාස හතරක් වැනි කෙටි කාලයකින් වැඬේ අවසන් කර තිබුණ පරණ ක‍්‍රමයට පාර්ලිමේන්තුවට බලය පවරනවා.
අධිනීතිඥ කරුණාරත්න හේරත් මහතා කථා කරමින් සම්පූර්ණයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලතල අහෝසි කරන්න 1978 ඇති වූ මෙම විධායක ජනාධිපති ව්‍යවස්ථාවකින් කටයුතු කෙරුණා. දැන් මෙය ඉතාම හානිකර තත්ත්වයට පත් වෙලා. මෙය අහෝසි කර ගන්න බැරි වුනෙත් අපේ අනාගතය ඉතාම භයංකරයි. ඉස්සර අපේ ජනතාව ඉල්ලන්නේ අපට මැතිවරණයක් දෙන්න කියලා. දැන් බලන්න කියන දේ දැන් ඉල්ලන්නේ හැමෝම නිදහස් සාධාරණ මැතිවරණයක් අවශ්‍යයි කියලා. ඒ තරමටම මැතිවරණ කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නමට නිදහස් සාධාරණ වචන මාලාවක් එක් කිරිමෙන් එහි දුෂිත තත්ත්වය මැනවින් පෙනෙනවා.
ගරු සුනිල් ගුණවර්ධන පියතුමා මෙහිදී ප්‍රකාශ කලේ මෙය ජාතිබේද,ආගම්බේද, කුලබේද කිසිවක් නොමැති ජාතික ව්‍යාපාරයක් බවයි. මෙය රටේ ජනතාවගේ පොදු උරුමය වෙනුවෙන් කථා කරන්නා වූ වේදිකාවක්. එයට අපගේ ප‍්‍රජාවගේ සම්පූර්ණ සහයෝගය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට ලබා දීමට අපි කැපවීමෙන් යුතුව කටයුතු කරන බව එහිදී පැවසුහ.
මෙම රැස්වීම අමතා පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනාහිමි පුජ්‍ය මහාමන්කඩවල පියරතන හිමිද අදහස් පළකළහ .

No comments:

Post a Comment