HIRU TV

Friday, September 13, 2013

Suspect eats the police book

සැකකාරියක් පොලිස් පොත කාලා

Suspect eats the police book

 
WEtingP 410px 13 09 13hirunewsහෙරොයින් නඩුවක සැකකාරියක් පොලිස් පොතේ පිටුව කා දමයි.මෙම සැකකාරියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව, ඇය විසින් පොලිස් ස්ථානයේ තිබූ බල අපරාධ තොරතුරු සටහන් පොතේ පිටුවක් ඉරා කටේ දමා ගෙන ඇතැයි වාර්තා වේ.
හෙරොයින් ළඟතබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාඇළ පදිංචි ‍කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගේ ප්‍රකාශයක් දෙමටගොඩ පොලිසියේ නිලධාරීන් විසින් සටහන් කරගෙන තිබිණි.
අදාළ ප්‍රකාශය ලියා අවසන් වීමෙන් පසු එම ප්‍රකාශය නැවත ඇයට කියවා දී අස්සන් ලබා ගැනීමට සූදානම් වන අවස්ථාවේදී ඇය විසින් පොලිස් බල අපරාධ
තොරතුරු පොතේ පිටු 2ක් ඉරා කටේ දමාගෙන තිබේ.
අනතුරව එම පිටු දෙකේ කොටස් සමඟ දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් ජයසේකර මහතාගේ උපදෙස් පරිදි සැකකාරියට එරෙහිව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි. එම සැකකාරිය දැනට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
එම බල අපරාධ තොරතුරු සටහන් පොතේ වටිනාකම රජයේ මුද්‍රණාලයෙන් ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළාය.

No comments:

Post a Comment