HIRU TV

Wednesday, September 4, 2013

Advice from Victor to get Sinhalese ladies pregnant

සිංහල කතුන් ගැබ් ගැන්වීමට වික්ටර්ගෙන් උපදෙසක්

Advice from Victor to get Sinhalese ladies pregnant

 
Victor R 410px 25-07-13hirunewsවත්මන් ශ්‍රී ලංකාවේ සිංහල- බෞද්ධ ජන අනුපාතය සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බැවින්, සිංහල බෞද්ධ කතුන් ගැබ් ගැන්වීම සඳහා  පුරුෂ ශක්තිය වර්ධනය කරලීමට 'කාමරංග' පලතුරු දිනපතා ආහාරයට ගැනීම සුදුසු බවත්,  එහෙයින් සැම සිංහල- බෞද්ධ නිවසකම 'කාමරංග' පැලයක් සිටුවන්න ලෙසත්  සංගීත විශාරද වික්ටර් රත්නායක මහතා සිංහල - බෞද්ධ ජනතාව ගෙන් ඉල්ලීමක් කළේය.
'කාබරන්කා' ලෙසින් සාමාන්‍ය ගැමි විවහාරයේ පවතින මෙම පලතුරේ නියම නම 'කාමරංගා' බවත්, මැලේසියාවේ 'කාමරංගා' ගෙඩි හටගන්නා සමයේ ඒ රටේ ගැබිණිවරුන් සංඛ්‍යාව සීග්‍රලෙස වර්ධනය වන බවත්, 1978 වසරේ තමන්ගේ පළමු විදෙස් සංචාරය වූ මැලේසියන් සංචාරයේදී කියා දුන්නේ,  එවකට තරුණ හිමිනමක් වූ කිරම විමලජෝති හිමියන් බවත් වික්ටර් රත්නායක මහතා පැවසිය.

වික්ටර් රත්නායක මහතා එම කාරණය සඳහන් කලේ, සමන් අතාවුදහෙට්ටි මහතා විසින් රචනා කල 'සොඳුරු සැරිසර- සරාවක් නදිය දිගේ' කෘතිය එළිදැක්වීම වෙනුවෙන් අද (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ
කථිකයෙකු ලෙස සහභාගී
වෙමිනි.

ආණ්ඩුව වත්මන් තරුණ පරපුරේ කොඳු නාරටිය බිඳ දමමින් සිටින බවට ඔහු එහිදී දැඩි ලෙස චෝදනා කළේය. වත්මන් කලා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එසේ පැවසු රත්නායක මහතා, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය විසින් හඳුන්වා දී ඇති 'අර ස්ටාර්',' මේ ස්ටාර්' සංගීත කොපි කලාව අනුමත කරමින් රජයේ මාධ්‍යද 'රණවිරු ස්ටාර්' පැවැත්වීම කිසිදු ලෙසකින් අනුමත කල නොහැකි බව අවධාරණය කළේය.

මේ තුලින් නිර්මාණශීලි තරුණ පරපුරක් බිහි නොවන බව පැහැදිලි කල රත්නායක මහතා, ඒ ගැන නිසි අවධානය යොමු කරන්නැයි එම උත්සවයට පැමිණ සිටි ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමතිවරුන් ගෙන් කාරුණික ඉල්ලීමක් ද කළේය.

No comments:

Post a Comment