
මෙලෙස දිවි නසාගෙන ඇත්තේ රත්මලාන බොරුපන පාරේ පදිංචිව සිටි මාලනී ධර්මශීලි නමැති 37 හැවිරිදි කාන්තාවකි.
දිවිනසා ගත් කාන්තාව කිසියම් මානසික ආබාධයකින් පෙළෙමින් සිටි තැනැත්තියක් බව හෙළිවී ඇත.
ඇයගේ මෙම මානසික ආබාධය හේතුවෙන් දස හැවිරිදි දරුවා එම කාන්තාවගේ සොහොයුරියක ළඟ හැදී වැඩීම බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මියගිය අයගේ සැමියා ගල්කිස්‌ස ප‍්‍රදේශයේ හෝටලයක සේවය කරන්නෙකු බව පැවසේ.
මියගිය කාන්තාවගේ මූලික මහෙස්‌ත‍්‍රාත් පරීක්‍ෂණය ගල්කිස්‌ස
මහෙස්‌ත‍්‍රාත් රංගජීව මහතා විසින් පැවත්වා ඇත.
මේ පිළිබඳව ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්‍ෂණය යටතේ ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිසියේ වැඩබලන පොලිස් පරීක්‍ෂක ගුණරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජේ. වී. සමන්ලාල් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
No comments:
Post a Comment