
මේ සම්බන්ධ ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා වෙත යවා ඇති බවද මතිවානන් මහතා සඳහන් කළේය.
මෙම තීරණය ගනු ලැබුවේ ඉහළින් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොවේ) තමාට කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජයේ සභාපති ධුරයට තරග නොකරන ලෙසට කරන ලද බලපෑමක් හේතුවෙන් බවද ඔහු කීය.
පසුගිය තුන් මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමාගෙන් කිසිදු ප%යෝජනයක් ලබා නොගත් බවත් තමා එහි හුදකලාව සිටි බවත් ඔහු පැවසීය.
තමාගේ පෞද්ගලික ධනය පවා ක්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් වැය කළ බවත් ලංකාවේ ක්‍රිකට් වලට හයියක් දෙන්නට කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජයට උපරිමයෙන්ම කැපවී සිටි තමාට එය කිරීමට
නොහැකි නම් නාමික තනතුරු දරමින් අදාරය කළ ක්‍රිකට් ක‍්‍රීඩා රුවැට්ටීමට අකමැති බැවින් මේ තීරණයට එළැඹි බවයි.
කේ. මතිවානන් මහතා මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උප සභාපතිවරයෙකු ලෙස තේරී පත්වුයේ ඡන්ද ශතකයක් ලබා ගනිමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයකදී ඡන්ද ශතකයක් ලැබු දෙවැනි පුද්ගලයා මතිවානන් වන අතර මීට පෙර ඡන්ද ශතකයක් ලබා ගත්තේ හිටපු සභාපතිවරයෙකුවන තිලංග සුමතිපාල මහතාය.
මතිවානන් මහතා ක්‍රිකට් අයතනයෙන් ඉල්ලා අස්වීමට සැරසෙන බව මුලින්ම හෙළිකරනු ලැබුවේ අඩවියෙනි.
No comments:
Post a Comment