
පෙරේදා (11) රාත්‍රියේ සිදුවූ මෙම සිදුවීමෙන් තමාටම පිහියෙන් ඇනගෙන මියගොස් ඇත්තේ දන්කොටුව වලව්වත්ත පදිංචිව සිටි ගල්ගමුගේ ලාල් චන්ද්‍රසිරි (34) නම් අයෙකි.
ඉකුත් 11 වැනිදා මියගොස් ඇති අය සමඟ ඇතිකරගත් බහින් බස්වීමකින් පසුව අනියම් බිරිය තම දියණියගේ නිවෙසට ගොස් ඇත. මියගිය පුද්ගලයාගේ බිරිය ඔහු අතහැර විදේශගතවී ඇති අතර ඉන් පසුව ඔහු අනියම් බිරියක් ඇසුරු කර ඇත.
අනියම් බිරිය ආපසු කැඳවාගෙන ඒමට ගොස් ඇති මරණකරු
ඇයට ආපසු යෑමට කතා කළත් ඇය ඊට ඇකැමැත්ත පළ කර ඇති අතර පසුව දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් පසුව පිහියකින් තම කලවා ප්‍රදේශයට ඇන ගෙන තුවාල සිදු කරගෙන ඇති බවද දන්කොටුව පොලිසිය පවසයි.
තුවාලකරු දන්කොටුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මීගමුව මහ රෝහලට මාරු කර යවා ඇත. මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මිය ගොස් ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර දන්කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
No comments:
Post a Comment