
දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරිවරයා සහ මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් අතර මෙම උණුසුම් තත්ත්වය මතුව ඇත.
මෙම විද්‍යාලය පසුගිය සෙනසුරාදා පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද යොදාගෙන තිබිණ.
පාසල් ගොඩනැගිල්ලේ තිබූ පොලිතින් උර 3 ක් පරීක්ෂා
ප‍්‍රදේශවාසීන් මේ පිළිබඳව දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරිවරයා, සහකාර මැතිවරණ කොමසාරිස්වරයා සහ පොලීසිය දැනුවත් කර තිබේ.
.
ඒ අනුව අදාළ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා උත්සාහ කිරීමත් සමග එම උණුසුම් තත්ත්වය මතුව ඇත.
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාද මේ වනවිට එම ස්ථානය වෙත පිටත්ව ගොස් ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුව සදහන් කළේය.
සාමාන්‍යයෙන් ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව එම ඡන්ද පත‍්‍රිකා මැතිවරණ කාර්යාලය වෙත ගෙන එයි. . එහෙත් මෙම ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ තිබී ඡන්ද පත‍්‍රිකා තොගයක් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව මැතිවරණ කාර්යාලය පවසයි.
No comments:
Post a Comment