hirunewsසක්විති රණසිංහ මහතා මානසික රෝගයකින් පෙළේ දැයි සොයා බලා වාර්තාවක් ලබා දීමට ඔහුව මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු එස්.ද.එල්. තෙන්නකෝන් මහත්මිය අද (24) නියෝග කළාය.
බාල වයස්කාරියක පැහැරගෙන ගොස් දූෂණය කිරීම සම්බන්ධව සක්විති රණසිංහ නොහොත් අබේ රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාරට එරෙහිව නඩුව අද කැඳවූ අතර එම අවස්ථාවේ සක්විති විත්ති කූඩුව අසල පුටුවක හිඳගෙන සුදු සරමෙන් කඳුළු පිසිමින් හඬනු දැකිය හැකි විය.
ඔහු විත්ති කූඩුවට නගින ලද්දේ හඬමින්ය. සක්විති රණසිංහ විත්ති වාචිකය දීමට සුදුසු මානසික තත්ත්වයක සිටී දැයි සොයා බලා වාර්තාවක් ලබා දීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝ
ග කරන ලෙස ඔහුගේ නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා අධිකරණයෙන් ඉල්ලීය.
එසේම 2013.07.08 සක්විති රණසිංහ චෝදනාවලට වරද පිළිගත් අතර ඒ වන විට ඔහු හොඳ මානසික තත්ත්වයක සිටියේදැයි මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසද ඉල්ලීය.
මේ අතර සක්විති බන්ධනාගාර රෝහලෙන් හෝ වෙනත් රෝහලකින් මානසික රෝග සඳහා ප්‍රථිකාර ගෙන ඇත්දැයි සොයා බලන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
No comments:
Post a Comment