HIRU TV

Tuesday, September 24, 2013

Ranjan 'Chuti' asked to come to Australia

රන්ජන් 'චූටි'ට අක්කා ඕස්ට්‍රේලියාවට එන්න කියලා

Ranjan 'Chuti' asked to come to Australia

 
RanjanR 410px 13 08 22hirunewsජනප්‍රිය නළු හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කෝටි 25ක් රැගෙන ඕස්ට්‍රේලියාවට එන්නැයි සිය වැඩිමහල් සහෝදරිය පවසා ඇතැයි වාර්තා.
'චූටී' ලෙස රන්ජන්ව අමතන ඇය රන්ජන්ට වෙඩි කන දේශපාලනය අත්හැර දමන ලෙසද පවසා ඇති අතර, තමාට ඇති එකම සහෝදරයා වන රන්ජන්ට සිය මාමා වූ විජය කුමාරතුංගට අත්වූ ඉරණම අත්වනවාට අකමැති බවද පවසා තිබේ.
රුපියල් කෝටි 25ක් උපයා ගැනීමට පක්ෂය මාරු කිරීම ප්‍රමාණවත් බවද ඇය පවසා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
පසුව රන්ජන් ඇයට කියා ඇත්තේ තමට හම්බන්තොට වරායේ
දැන් ගලක් නැතැයිද, මත්තලට ටොන් ගනන් ගුවන් යානා එනවා යැයිද, නොරොච්වෝලේ 20 වතාවක් නොකැඩුන බවත්, රතුපස්වල දරුවෝ උන්ටම වෙඩි තබාගත් බවත් කීමට නොහැකි බවයි.
රන්ජන්ගේ එකම සහෝදරිය වන ඇය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙසෙන බවත් ඇය එහි ගුරුවරියක ලෙස සේවය කරන බවද  වාර්තා වේ.

No comments:

Post a Comment