ජොහාන් දෙක වුනොත් ජනපති අසීරුවේ !
President in big trouble if Johan comes 2nd

එසේම, උතුරු පළාතේ ඡන්ද ප්‍රතිඵලය සේම, වයඹ පළාත් සභාවට ඉදිරිපත්ව සිටින ජොහාන් ප්‍රනාන්දු මහතාගේ මනාප සංඛ්‍යාවද ජනාධිපතිවරයාගේ වත්මන් ජනප්‍රියතාවය මැනිය හැකි
ප්‍රබල සාධකයක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.ජනාධිපතිවරයාත්, ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් ජොහාන් ප්‍රනාන්දු මහතාට මෙම මැතිවරණ ව්‍යාපාරය තුල සුවිශේෂී අනුග්‍රහයක් දක්වා තිබියදී පවා, මනාප සංඛ්‍යාවෙන් ඔහු දෙවන තැනට පත්වුවහොත් එය ජනාධිපතිවරයාගේ මෙන්ම නාමල් රාජපක්ෂ මහතාගේ ද දේශපාලන සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන බව එම විශ්ලේෂකයෝ වැඩිදුරටත් පවසති.
ජනාධිපතිවරයා බොහෝ පොරොන්දුදී, දේශපාලන තරුවක් වූ දයාසිරි ජයසේකර මහතා එජාපයෙන් කඩා ගෙන පළාත්සභා සටනට අතහැර දැමුවද, මැතිවරණ ව්‍යාපාරයේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාට වාසිසහගත ලෙස කටයුතු කිරීම කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ශ්‍රීලනිප ජේෂ්ඨ ආසන සංවිධායකයින්ගේ කනස්සල්ලට හේතුවී ඇතැයි එම පක්ෂයේ ජෙෂ්ඨ අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
කෙසේවුවද, මෙම මැතිවරණ ව්‍යාපාරයේදී සිය පුතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට අමතරව කුරුණෑගල දිස්ත්‍රීක්කය තුල සන්ධානය පෙරට ගෙන ඒමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකල මෙහෙය ජනාධිපතිවරයාගේ ප්‍රසාදයට හේතුවී තිබේ. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පසුගිය දිනවල මහත් ඉහලින් වර්නනා කර ඇත.
මේ අතර, එක් වැඩි මනාපයක් හෝ ගතහොත් වයඹ මහ ඇමතිකම ලබාදෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාට පොරොන්දුවී තිබේ.
මෙම තත්වය යටතේ, ජනාධිපතිගේ හා නාමල් රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලත් ජොහාන් ප්‍රනාන්දු මහතාට වඩා, ශ්‍රීලනිප ජේෂ්ඨ ආසන සංවිධායකයින්ගේ ආශීර්වාදය ලත් දයාසිරි ජයසේකර මහතා එක මනාපයකින් හෝ ජයගතහොත් එය මෙරටේ අනාගත දේශපාලනයේ තීරණාත්මක කඩඉමක් වනු ඇතැයිද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ ඡන්දය ජනාධිපතිවරයාට තියුණු බලපෑමක් ඇති කරන්නේ ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට ඇති සූදානමත් සමඟය.
No comments:
Post a Comment