
ආනන්දි ශෂිධරන් මහත්මිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු එල්ටීටීඊ දේශපාලන අංශ නායක එලීලන් ගේ බිරිද ය.
මෙහිදී, යාපනයේ මැතිවරණ නිරීක්ෂකයින්ට පහරදීමක් ද සිදුවී ඇති අතර, තුවාල ලැබූ අට දෙනෙකු රෝහල් ගතකර ඇත. මෙම ප්‍රහාරය 'කැෆේ' සංවිධානය දැඩිම හෙළා දකි.
ඊයේ මැදියම් රැයේ පැයකට වැඩි වේළාවක් එම ප්‍රදේශයේ උණුසුම් ත්ත්වයක් පැවති අතර අපේෂිකා ආනන්දි මහත්මිය ප්‍රහාරයට පෙර නිවසින් පිටතට ගොස් ඇත.
ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයින් එම ස්ථානයට පැමිණෙන විට එයින් එක් අයෙකු ද ප්‍රහාරයට ලක්වී ඇත. නිරීක්ෂකයින් පැමිණි වාහනයේ ටයර් කපා දැමීම හේතුවෙන් තුවාලකරුවන් රෝහල් ගත කිරීම සිදුව ඇත්තේ ද පොලිස් ආරක්ෂාව සහිතවය.
හදුණා නොගත් පුද්ගලයින් පිරිසක් අපේෂිකා ආනන්දි මහත්
මියගේ නිවස අසල ගැවසෙන බවට රාත්‍රී 11 ට පමණ වාර්තා වී තිබේ. ඒ ගැන සොයා බැලීමට මැතිවරණ නිරීක්ෂකයින් එහි යමින් සිටින විට නිවසේ සිටි අයට ප්‍රහාරයක් එල්ල වෙමින් තිබී ඇත. නිරීක්ෂකයාට ද ප්‍රහාර එල්ල වී ඇත්තේ එම අවස්ථාවේ දී ය.
'කැෆේ' මැතිවරණ නිරීක්ෂකයින් සිද්ධිය වූ ස්ථානයට ලගා වන විටත් විශාල වශයෙන් හමුදා නිල ඇදුමෙන් සැරසුණු පිරිස් මාර්ගයේ සිට ඇත.
නිළ ඇදුම් හැදගත් හමුදා නිලධාරීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණෙන මාර්ගයේ සිටි බව සිද්ධිය වන අවස්ථාවේ යාපනයේ සිටි 'කැෆේ' ජාතික සංවිධායක අහමඩ් මනාස් මහතා පැවසීය.
ප්‍රහාරයෙන් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇත. ඒ අතර ජ්‍යෙෂ්ඨ ස්වාධීන මැතිරණ නිරීක්ෂකයෙකු ද වෙයි. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් ජංගම දුරකතන සහ සිම් කාඩ්පත් ද පැහැර ගෙන ඇත.
මැතිවරණයට පැය කිහිපයක් තිබිය දී යාපනයේ ස්ථාන කිහිපය වෙනදාට වැඩි හමුදා භටයින් සංඛ්‍යාවක් යෙදවීම පිළිබද 'කැෆේ 'සංවිධානයේ දැඩි අවධානය යොමු වී ඇත. මැතිවරණය සිවිල් ක්‍රියාකාරකමක් වන අතර හමුදා අංශ වෙත එහි කිසිදු භුමිකාවක් නොමැති බව 'කැෆේ' සංවිධානය දැඩිව ප්‍රකාශකර සිටියි.
මැතිවරණ ප්‍රචාරය සදහා නිල වශයෙන් ලබා දී තිබූ කාලසීමාව අවසන් වීමෙන් පසුව ‘කොන්ඩය කොටට කැපූ, එකම ගමන් විලාශයක් සහිත, සවිමත් සිරුරු සහිත පිරිස්, යාපනය, කිලිනොච්චිය හා මුලතීව් හා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමේ අවස්ථා 18 ක් පිළිබද ඊයේ ( 19) කැෆේ සංවිධානයට අනාවරණය කර ඇත.
ආනන්දි ශෂිධරන් මහත්මිය නාමයෝජනා ලබාදුන් දිනයේ දී නාදුණන කණ්ඩායමකගේ ප්‍රශ්ණ කිරීමට ලක් විය. පසුව පසුගිය 17 දින ඇයගේ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ දැරුණි. උගත් පාඩම් හා සන්හිදියාව පිළිබද කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්වූ ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරියගේ යාපනය සංචාරයේ දී ද ඇය හමුවිය.


No comments:
Post a Comment