
එම ගුවන් යානය ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපල වෙත ඊයේ රාත‍්‍රියේ ගොඩබෑමට නියමිතව තිබූ අතර ඊට පෙර මොවුන් සිය ගමන් මළුවල බෝම්බ ඇති බව පවසා යානයේ කාර්ය මණ්ඩලයට තර්ජනය කර තිබේ.
ඒ පිළිබඳව බි‍්‍රතාන්‍ය පොලීසියට දැනුම් දුන් කාර්ය මණ්ඩලය, ගුවන් යානය ස්ටැන්ස්ටෙඩ් ගුවන් තොටුපලට ගොඩ බස්වා පරීක්ෂා කර ඇත.
එහෙත් එහි කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් තිබී නොමැත.
පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 260ක් පමණ ගමන් කරමින් සිට ඇති බව ද වාර්තා වේ.
No comments:
Post a Comment