HIRU TV

Saturday, September 21, 2013

65 incidents of election violence

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 65 ක් !

65 incidents of election violence

 
2013 Election 410px 21-09-1hirunewsජන්ද විමසීම අතරතුර බිය වැද්දීම්, තර්ජනය කිරීම්, පහර දීම්, ගිනි අවි භාවිත කිරීම් ඇතුළු විවිධ සිදුවීම  65ක් වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ (කැෆේ)   ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසකට කිලිනොච්චි ශාන්තිපුරම්හිදී ප්‍රහාරයක් එල්ල වී ඇති  බවත්, එහිදී තුවාල ලැබූ තම සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නිරීක්ෂකයකු රෝහල් ගත කළ බවත් එම සංවිධානය කියයි.

තම නිරීක්ෂකයනට පළමු ප්‍රහාරය යාපනයේදී එල්ල වූ බව ද කැෆේ සංවිධානය පවසයි. ඊපීඩීපී සන්ධානය ඡන්ද දායකයනට බිස්කට් බෙදූ බව 'කැෆේ' සංවිධානය කියයි.

මැතිවරණ සමයේ ඉතාම තියුණු මුහුණුවරක් ගත් කුරුණෑගල දිස්ත්‍රීක්කය තුලද අද සාමකාමී මුහුණුවරකින් මැතිවරණය පැවති බව වාර්තා වේ. ඉතාම සුලු සිදුවීම් කිහිපයක් හැරුණුකොට මැතිවරණ ප්‍රතිපලයට බලපෑමක් වන ක්‍රියා කිසිවක් එම දිස්ත්‍රික්කයෙන්ද මෙතෙක් වාර්තා
නොවේ.

මහනුවර, පාතදුම්බර මැතිවරණ කොට්ඨාශයේ පන්විල, කැලැබොක්ක ප‍්‍රදේශයේ පිහිටි අභිරන් දෙමළ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අසල දී වෙඩි තැබීමක් සිදුව ඇත.

ඩිෆෙන්ඩර් වර්ගයේ රථ පෙලකින් පැමිණි පිරිසක්  අභිරාම් විදුහල් ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේදී එම ස්ථානයේ රැඳි සිටි ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයින් පිරිසකට පහර දී, අහසට වෙඩි තබා ඡන්ද දායකයන් බියගන්වා පලවා හැර ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති.  බියපත්ව දිව යමින් සිටි පිරිස අතර සිටි සිව් දෙනකු ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මේ අතර ගම්පොල උප නගරාධිපතිවරයා ද පහරකෑමකට ලක්ව රෝහල් ගත කර ඇත.  පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ තමන්ට ද මෙම සිද්ධින් පිළිබඳ තොරතුරු වාර්තා වි ඇති බවයි.

සීගිරිය ඡන්ද මධ්‍යස්ථානය අසල අද පෙරවරුවේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔවුන් මේ වනවිට කිඹිස්ස රෝහලට ඇතුළත් කර ඇති බවත් පැෆ්රල් සංවිධානය ප‍්‍රකාශ කළේය.

වෙන්නප්පුව, බොරලැස්ස ප්‍රදේශයේදීද දේශපාලන පක්ෂ ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති අතර එහිදි එක් පුද්ගලයෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

විශේෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සන්ධාන මන්ත්‍රී අරුන්දික ප්‍රණාන්දු මන්ත්‍රීවරයා සෘජුවම මැදිහත්වී විපක්ෂයේ ඡන්ද දායකයන් බියවැද්දීමේ සිදුවීම් කිහිපයක්ද වාර්තාවේ.

තවද යාපනය මාදගල් ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදී තවත් කණ්ඩායමක් එම ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකශ කිරීමට පැමිණි පිරිසක් බිය ගන්වා ඇත.

පශ්චාත් මැතිවරණ සමය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

No comments:

Post a Comment