HIRU TV

Saturday, September 21, 2013

Mere transparent ballot boxes wouldn't make an election free and fair - CaFFE

ඡන්ද පෙට්ටිය විනිවිද පෙනුනට මැතිවරණය ස්වාධින වෙන්නේ නෑ

Mere transparent ballot boxes wouldn't make an election free and fair - CaFFE

 
New E box 410px 21-09-13hirunewsවිනිවිද පෙනෙන ඡන්ද පෙට්ටිවලින් පමණක් මැතිවරණයක් නිදහස් හා සාධාරණීකරනය කළ නොහැකි බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සදහන් කළේ මැතවරණයක සුවිශේෂිතම අවස්ථාව වන ඡන්දය ගණනය කිරීමේ අවස්ථාව නිරීක්ෂණයට  මැතිවරණ කොමසාරිස්වරයා ඉඩ නොදීම බරපතල තත්වයක් බවයි.
නාම යොජනා භාරාදීමේ සිට මැතිවරණයේ සියලු අංග නිරීක්ෂනය කිරීමට මැතිවරණ නිරීක්ෂකයින් කටයුතු කරන නමුත් මැතිවරණයක සුවිශේෂිතම අවස්තාව වන ගණනය කිරීම නිරීක්ෂණයට කළ ඉල්ලීම් මැතිවරණ කොමසාරිස්වරයා නොසලකා හැර ඇති බවට තෙන්නකෝන් මහතා මෙහිදී චෝදනා කලේය.
මැතිවරණ ප්‍රචාරණ අවසන්වීමෙන් අනතුරුව ඡන්දදායකයින්
වෙත භාණ්ඩ සහ ආහාර පාන බෙදාදීම්,ආධාරකරුවන්ට පහරදීම්,තර්ජනය කිරීම් හා දේපලවලට හානි සිදුකිරීම්,මැතිවරණ නිරීක්ෂකයින්ට පහරදීම් මෙන් ම නිරීක්ෂකයින්ට ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවිශ්ට වීම අවහිර කිරීම් වැනි සිද්ධි රාශියක් වාර්තා වනවිට එම මැතිවරණය නිදහස් හා සාධාරණ වේ දැයි හෙතෙම ප්‍රශ්න කළේ ය.
සිය සංවිධානයේ නිරීක්ෂකයින් 1740 දෙනෙකු මෙවර මැතිවරණය නිරීක්ෂණයට දායක වූ බව 21 වැනි දා පස්වරුවේ කොළඹ නිපොන් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී හෙතෙම වැඩිදුරටත් අනාවරණ කරන ලදී.

No comments:

Post a Comment