HIRU TV

Wednesday, October 30, 2013

Depression costs Chinese man his privates

තනිකමට දුක සිතී අඟ කපා ගනී

Depression costs Chinese man his privates

DepressionCosts 410px 13 10hirunewsවිසි හය හැවිරිදි යන් හු නැමති තරුණයෙකු තමන්ට පෙම්වතියක් සොයාගැනීමට නොහැකි වීම නිසා ඇතිවූ විෂාදය හේතුකොටගෙන සිය ලිංගේන්ද්‍රිය කපා ඉවත්කරගත් පුවතක් පිළිබඳව චීනයෙන් වාර්තා වේ.
මෙසේ සිය ලිංගේන්ද්‍රිය කපා ගැනීමෙන් ඇතිවූ අධික වේදනාව හේතුවෙන් ඔහු පාපැදියකින් ආසන්නයේ ඇති රෝහලකට ගොස් ඇති අතර, එහිදී වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ නැවත නිවසට ගොස් කපා ඉවත් කළ ලිංගේන්ද්‍රිය රැගෙන එන ලෙසයි.
ඔහු විසින් මෙලෙස යළිත් නිවසට පාපැදියෙන්ම ගොස් කැපුනු ලිංගේන්ද්‍රිය ද රැගෙන යළි රෝහලට වෙත ගොස් ඇති නමුත්, වැඩි වෙලාවක් රුධිරය රහිතව පැවතීම නිසා එය නැවත සිරුරට සම්බන්ධ කළ නොහැකි බව වෛද්‍යවරුන් පවසා තිබේ.
තමාට පෙම්වතියක් නොමැති නිසා සිය ලිංගේන්ද්‍රියෙන්
කිසිඳු ප්‍රයෝජනයක් නැතැයි සිතමින් එය කපාඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ එසේ කළහොත් පෙම්වතියක් ලබාගැනීම පිළිබඳව සිතිවිලි ඇතිවීම නවතිනු ඇතැයි සිතමින් බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
DepressionCosts 600px 13 10

No comments:

Post a Comment