
එම ජන්ද විමසීමේදී ජයගත් ධර්මසිරි දසනායක මහතා, දයාසිරි ජයසේකර මහතාගේ සමීපතම හිතවතකුවීම ද එම සැකයට හේතුවී තිබේ.
වයඹ සභාපති තනතුර සඳහා ඉන්ද්‍රානි දසනායක මහත්මියගේ නම නිර්දේශකර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.
දයාසිරි ජයසේකර මහතා මහ ඇමති ලෙස දිවුරුම් දීමට පැමිණි අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් පැහැදිලි එකඟත්වයකට පැමිණ ඇත.
දයාසිරි ජයසේකර මහතා මහ ඇමති ලෙස දිවුරුම් දීමට පැමිණි අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් පැහැදිලි එකඟත්වයකට පැමිණ ඇත.
ඒ අනුව මහ ඇමති දයාසිරි ජයසේකර මහතා ඊයේ (11) පළාත් සභා සැසිය ආරම්භ වූ අවස්ථාවේ, සභාපති ලෙස ඉන්ද්‍රානි දසනායක මහත්මියගේ නම යෝජනා කළේය. සෞඛ්‍ය අමාත්‍ය ඩී. බි. හේරත් මහතා එය ස්ථිර කළේය. .
එහෙත් ඇය පරදා විපක්ෂයෙන් යෝජනා කළ ආණ්ඩු පක්ෂයේ ධර්මසිරි
දසනායක මහතා වැඩි ඡන්ද අටකින් තේරී පත් විය. ඒ මහතා මෙයට ප්‍රථමද පළාත් සභාවේ සිටි සභාපතිවරයෙකි.
ධර්මසිරි දසනායක මහතාගේ නම යෝජනා කරන ලද්දේ දොඩම්ගස්ලන්ද එ.ජා.ප. සංවිධායක පළාත් සභා මන්ත්‍රී එම්. එස්. පෙරේරා මහතාය. එය ඩී. බි. අජිත් රෝහණ මහතා (එ.ජා.ප.) විසින් ස්ථිර කරන ලදී.
මෙහිදී පැවැති රහස් ඡන්ද විමසීමේදී ධර්මසිරි දසනායක මහතාට ඡන්ද තිහක්ද, ඉන්ද්‍රානි දසනායක මහත්මියට ඡන්ද විසි දෙකක්ද ලැබිමෙන් ධර්මසිරි දසනායක මහතා වැඩි ඡන්ද අටකින් ජයග්‍රහණය කළේය.
ධර්මසිරි දසනායක මහතාගේ නම විපක්ෂයෙන් සභාපති තනතුරට යෝජනා ස්ථිර කිරීමත් සමගම ආණ්ඩු පක්ෂය තුළ නොසන්සුන්කාරී වාතාවරණයක්ද හටගත්තේය.
ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ධර්මසිරි දසනායක මහතා අතර යම් කතා බහක්ද එහිදී ඇතිවනු දක්නට ලැබිණ. පසුව නැගී සිටි ධර්මසිරි දසනායක මහතා පළාත් සභාවේ සභාපතිවරයාව පත්කරගත්තේ නීති සංග්‍රහයට අනුව වන බැවින් සභාව ඒ අනුව කටයුතු කළ යුතුව ඇති බවත්, රීති සංග්‍රහයට ගරු කරමින් තමා ඉල්ලා අස් නොවන බවත් සඳහන් කර සිටියේය.
රහස් ඡන්දය පැවැත්වෙන අවස්ථාවෙහි ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සභාව තුළ එහෙ මෙහේ යමින් මන්ත්‍රීවරුන්ව මුණ ගැසෙනුද දක්නට ලැබුණි. කෙසේ වෙතත් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශවීමත් සමගම ධර්මසිරි දසනායක මහතා මුලසුන වෙත ගියේ විපක්ෂයේ උණුසුම් අත්‍පොළසන් මධ්‍යයේය.
කෙසේවුවද, ජනාධිපතිවරයාට නිර්දේශ කල ඉන්ද්‍රානි දසනායක මහත්මිය එසේ පරාජය කිරීමට කටයුතු කර ඇත්තේ, පසුගිය පළාත් සභා මැතිවරණයේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව කටයුතු කල මැති ඇමතිවරුන්ගේ නියෝජිතයින්ම විය හැකි බවටද ජනාධිපතිවරයා තුල බරපතල සැකයක් මතුව ඇතැයි වාර්තාවේ.
No comments:
Post a Comment