HIRU TV

Monday, October 7, 2013

"Yes, we assaulted, and will do again"

ඔව් අපි ගැහුවා, ඉස්සරහටත් ගහනවා - විත්තියේ නීතීඥ

"Yes, we assaulted, and will do again"

 
MataraProtest 410px 13 10 07hirunewsඔව් අපි ගැහුවා, ඉස්සරහටත් ගහනවා යනුවෙන් මාතර නගරයේ එක්සත් ජාතික පාක්‍ෂිකයින් දෙපිරිසක් අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතීඥ නිශ්ෂංක නානායක්කාර මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ අදාල නඩුව අද (07) මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැදවූ අවස්ථාවේදී මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේදීය.
ඔහු කියා සිටියේ රිමාන්ඩ්භාරයට පත්කර සිටින පුද්ගලයන් මේ ප්‍රහාරයට සම්බන්ධ බවත්, ඔවුන් එසේ පහරදෙනු ලැබුවේ ඔවුන්ට වෙඩි තැබූ නිසා බවයි.
ඉදිරියේදීද මෙලෙස වෙඩි තැබුවහොත් පහරදෙන බවද ඔහු කීය.
ඔහු වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ කල් දමමින් පහරදුන් අය හදුනා ගැනීමට හදුනා ගැනීමේ පෙරට්ටු තබා කල්මැරිය යුතු නැති බවත්, දැන් තීරණය කළ යුත්තේ ගැහුවද ? නැද්ද ? යන්න තීරණය
කිරීම පමණක් බවද ඔහු නිශ්ෂංක මහතා අදිකරණයට දැන්වීය.
මෙහි අනිත් පාර්ශවයේ රිමාන්ඩ් භාරයට පත්කර සිටින අයට ඇප ලබාදීමට තමන්ගේ විරෝධතාවයක් නොවන බවද ඔහු කියා සිටියේය.
විත්තිය වෙනුවෙන් උපුල් දේශප්‍රිය, සංජීව සෙනවිරත්න, රසාංග වර්ණසූරිය, රුවන් කෝරලගේ, අචල කුමාරසිරි, ඉන්දික නාගරාජ්, දිනේෂ් ගොඩංගොඩ හා උපුල් කුමාරප්පෙරුම ඇතුළු නීතීඥයෝ පිරිසක් පෙනී සිටියහ.

No comments:

Post a Comment