
සිනමාව තුළ විවිධ චරිත නිරූපනය කළ ඔහු කැළණි පාළම වේදිකා නාට්‍යය තුළින් තම රංගන ප්‍රතිභාවන් දක්වා වේදිකාවද නතු කර ගත්තේය.
ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙස විවිධ ගුවන්විදුලි නාට්‍ය රැසකම චරිත නිරූපනව කළ ඔහු මෑත කාලයේ ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර වාසය කළේය.
වසරකට වැඩි කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විදි ඔහු සතියක් තිස්සේ මෙල්බර්න් හි පීටර් මැක් (Peter Mac ) පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර, අද ඔහු දිවියෙන්
සදහටම සමුගැනීම ශ්‍රී ලංකාවේ සමස්ත කලාකරුවනටම මහත් කම්පනයක් වනු නොඅනුමානය.
අවසන් කටයුතු පිළිබද තොරතුරු බලාපොරොත්තු වන්න.

පළමුව සංඝයා වහන්සේලා විසින් ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව පැවැත්වෙන අවමංගල සභාවේ දී ශ්‍රී ලංකාවේ කලාකරුවන් කිහිප දෙනෙකු හා ප්‍රධාන දේශපාලනඥයන් කිහිප දෙනෙකුද අභාවප්‍රාප්ත කලාකරුවා පිළිබද ගුණ කථන කිරීමට නියමිත බව අවමගුල් සංවිධාන කමිටුව පවසයි.
මේ අතර බ්‍රහස්පතින්දා (14) රාත්‍රී නිවසේ ධර්ම දේශනය හා පසුදා දානමය පිංකම ද සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත.
No comments:
Post a Comment