HIRU TV

Friday, November 1, 2013

One law for casino tycoon, another for IFJ journos - UNP

කැසිනෝ රජාට එක නිතියක්! IFJමාධ්‍යවේදීන්ට තවනීතියක් !!

One law for casino tycoon, another for IFJ journos - UNP

 
TissaAthtaanayaka 410px 13 10 28hirunewsසංචාරක වීසාවකින් මෙරටට පැමිණෙන කැසිනෝ රජු ජේම්ස් පැකර්ට දෙදහස් පන්සීය වසරකට වැඩි උතුම් සංස්කෘතියක් ඇති ශ්‍රී ලංකාව ගණිකා-කැසිනෝ පාරාදීසයක් බවට පත් කරන සාකච්ඡා, සම්මන්ත්‍රණ වලට සහභාගී වීමට ආණ්ඩුව රතු පාවඩ එළා අවසර දී තිබියදී, එවැනිම සංචාරක විසවක් රැගෙන මෙරටට පැමිණ සම්මන්ත්‍රණයකට සහභාගී වූ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ මාධ්‍යවේදිනියන් අත්අඩංගුවට ගැනීම කිසිදු ලෙසකින් අනුමත කල නොහැකි බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ආසියානු-පැසිපික් කලාපීය අධ්‍යක්ෂිකා ජැකී පාර්ක් සහ ඇය සමග මෙරටට පැමිණි ජීන් වර්දින්ටන් යන මාධ්‍යවේදිනියන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ගෙන් දින දෙකක් තිස්සේ නොකඩවා ප්‍රශ්න කරමින්, ඔවුනට සිදු කරන හිරිහැර සහ හිංසා පිළිබඳව විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව පෙනී පෙනී
ආණ්ඩුවේ මේ අඳ-බාල හැසිරීම මගින් ප්‍රදර්ශනය වන්නේ වෙන කිසිවක් නොව, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 54 ක එකඟතාවයෙන් යුතුව අත්සන් කළ පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියේ මූලික එකගතාවන් 16 ට රාජපක්ෂ රෙජීමය කිසිසේත්ම ගරු නොකරන බව යයි ද එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් නිකුත්කර ඇති එම නිවේදනයේ දැක්වේ.
එම නිවෙදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.
'' ජැකී පාර්ක් සහ ජීන් වර්දින්ටන් යන මාධ්‍යවේදිනියන් අත් අඩංගුවට ගැනීමෙන් විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියේ එකඟතා අතර ඇති නිදහස් මාධ්‍යක පැවැත්ම තහවුරු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, අන් මත ඉවසීම සහ යහ පාලනය යන මූලික එකඟතා අමු අමුවේම උල්ලංඝනය වන අතර එබැවින් මෙම ක්‍රියාව වෙන කිසිවක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තර වශයෙන් විනාශ කිරීමට රාජපක්ෂ රෙජීමය සිදු කළ දේශද්‍රෝහී ක්‍රියාවකි.
දැනට වාර්තා වන අන්දමට ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ආසියානු-පැසිපික් කලාපීය අධ්‍යක්ෂිකා ජැකී පාර්ක් ට අයත් ලැප්ටොප් යන්ත්‍රයේ සියළු දත්ත ආණ්ඩුව විසින් සොරා ගෙන, ඇයගේ ලැප්ටොප් යන්ත්‍රයෙන් එම දත්ත සම්පූර්ණයෙන්ම මකා දමා තිබේ. මෙය ඉතා බරපතල සහ අමනෝඥ ක්‍රියාවක් වන අතර එමගින් ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය රජකරන බව ලෝකයාට නැවත වරක් පෙන්නුම් කර ඇත.
මෙම අත් අඩංගුවට ගැනීම ‘ආගමන-විගමන නීතියට අනුව සිදු කළ එකක්’ බවට පෙන්වන්නට ආණ්ඩුව වෑයම් කළත්, ඊයේ (31) ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කළ ‘හොරාට පෙර කෙහෙල් කැන වැට පැනීමේ’ කතාවෙන් පෙනෙන්නේ මේ අත් අඩංගුවට ගැනීම පැහැදිලිවම රාජපක්ෂ රෙජීමයේ ‘දේශපාලන උවමනාව මත’ සිදු වූවක් බවයි. ජැකී පාර්ක් සහ ජීන් වර්දින්ටන් මාධ්‍යවේදිනියන්ට දෙන දඬුවම කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සිද්ධියට අදාළ විමර්ශනය අවසාන කිරීමටත් පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණ.
ආණ්ඩුවේ තර්කය වන්නේ සංචාරක වීසාවලින් පැමිණි ජැකී පාර්ක්ලාට ශ්‍රී ලංකාව රටක් ලෙස පිළිගත් පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියේ ජනමාධ්‍ය නිදහස පිලිබඳ මූලික එකඟතාවට අනුව සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගී විය නොහැකි බවයි.
එහෙත් එවැනිම සංචාරක වීසාවකින් මෙරටට පැමිණෙන කැසිනෝ රජු ජේම්ස් පැකර්ට දෙදහස් පන්සීය වසරකට වැඩි උතුම් සංස්කෘතියක් ඇති ශ්‍රී ලංකාව ගණිකා-කැසිනෝ පාරාදීසයක් බවට පත් කරන සාකච්ඡා, සම්මන්ත්‍රණ වලට සහභාගී වීමට ආණ්ඩුව රතු පාවඩ එළා අවසර දී තිබේ. ජේම්ස් පැකර්ට එක නීතියකුත්, ජැකී පාකර්ලාට එක නීතියකුත් රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කරන්නේ ‘මේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය සහ ජාත්‍යන්තර කීර්තිය විනාශ කිරීම රාජපක්ෂලාගේ පරම අභිලාශය නිසා නොවේ නම් වෙන කුමකටදැ?’ යි මේ තත්ත්වය හමුවේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට අපට සිදු වේ.''

No comments:

Post a Comment